Photobucket

Sunday, March 10, 2013

චාවේස් දේහය සංරක්ෂණයට

මිලියන සංඛ්‍යාත වෙනිසියුලා ජාතිකයන්ගේ සෝ සුසුම් මධ්‍යයේ ජනාධිපති චාවේස් ගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය ඊයේ පැවැත්විණි. ඔහුගේ මෘතදේහය ලෙනින්ගේ මෘතදේහය මෙන් එම්බාම් කර විදුරු පෙට්ටියක බහා හමුදා ඇකඩමි කෞතුකාගාරයේ තැන්පත් කරන බව උප ජනාධිපති නිකලස් මඩූරෝ පවසයි.

තවද චාවේස්ගේ දේහයට දහස් සංඛ්‍යාත මහජනතාවට ගෞරව කිරීමට තවදුරටත් ඉඩ සැලසීමට රාජ්‍ය ගෞරව සහිත අවමංගල්‍ය උත්සවයෙන් පසුව තව සතියක කාලයක් ලබා දී තිබේ.

උත්තුංග හමුදා ප්‍රධානියෙක්ගේ ඇඳුමෙන් සරසි සිටින චාවේස් ගේ දේහයට දැනටමත් කෘතවේදි මිලියන දෙකකට වැඩි පිරිසක් ගෞරව දක්වා ඇති අතර, බෝහෝ අයට එම අවස්ථාව ලබා ගැනීමට රාත්‍රිය පුරා පෝළිමේ සිටීමට සිදුව ඇත. 

ජනාධිපති චාවේස්ගේ අභාවයත් සමඟ දින 30ක් ඇතුළත පැවැත්වෙනු ඇති මැතිවරණයෙන් උප ජනාධිපති මඩූරෝ වෙනිසියුලා ජනපති පදවියට පත්වනු ඇතැයි විශ්වාස කෙරේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all