Photobucket

Sunday, March 10, 2013

හලාල් අපයෝජනය ආර්ථික ඝාතකයෙක්‌!

හලාල් විවාදය තුළ ඇතැමුන් බොහෝ දුර්මත ද ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව ඇතැමුන් 'හලාල් විරෝධය' හඳුන්වන්නේ ඉස්‌ලාම් ආගමෙන් අනුමත කොට ලේබල් කෙරෙන ආහාරවලට එරෙහි යුද්ධයක්‌ වශයෙනි. එසේම එය සුළු ජාතීන්ගේ ව්‍යාපාරික කටයුතුවලට එරෙහිව මහජාතියේ ඇතැමුන් විසින් දියත් කර ඇති ව්‍යාපාරයක්‌ වශයෙන් සහ එය ජාතිවාදයක්‌ වශයෙන් ද ඇතැමුන් විසින් දැන හෝ නොදැන ඉතා වැරදි ලෙස අර්ථකථනය කරමින් ද සිටී. මෙවැනි දුර්මත ප්‍රචාරය කරමින් මේ අය පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ ආගමික සහජීවනයට හානි කරමින් සිංහල බෞද්ධ ඇතැම් සංවිධාන විසින් හලාල් ආගමික චාරිත්‍රයට එරෙහිව මහා සංග්‍රාමයක්‌ දියත් කර ඇති බවයි. ඉතා කෙටියෙන් 'හලාල් විරෝධය' යෑයි කිව්වත් ඇත්ත වශයෙන්ම මේ විරෝධය දක්‌වන්නේ කුමකටද? මුස්‌ලිම් ජාතිකයින්ගේ හලාල් ආහාර පරිභෝජනය කිරීමේ අයිතියට එරෙහිවද? කිසිසේත්ම නැත. මේ විරෝධය එල්ල වී ඇත්තේ සුළු ජාතීන්ගේ ව්‍යාපාරික කටයුතුවලටවත්, ඔවුන්ගේ හලාල් ආගමික චාරිත්‍රයටවත් නොව මුස්‌ලිම් නොවන අයගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ඔවුන්ට හලාල් භාණ්‌ඩ අනිවාර්යයෙන්ම පරිභෝජනය කිරීමට සිදුව ඇති තත්ත්වයට එරෙහිවය.

තත්ත්වය එසේ නම් ඇත්තවශයෙන්ම මේ හලාල් විරෝධය කුමක්‌ද? එය මුස්‌ලිම් ජාතිකයන්ට හලාල් භාණ්‌ඩ පරිභෝජනය කිරීමට ඇති අයිතියට එරෙහිවීමක්‌ද? මුස්‌ලිම් අය හලාල් භාණ්‌ඩ පරිභෝජනය කිරීම ගැන කිසිවකුටත් ප්‍රශ්නයක්‌ ඇති වී නොමැති බව අපගේ අදහසයි. එහෙත් මුස්‌ලිම් නොවන අයටත් අනිවාර්යයෙන්ම හලාල් භාණ්‌ඩ පරිභෝජනය කිරීමට සිදුවෙනවා නම් එතැන බරපතළ ප්‍රශ්නයක්‌ ඇත. ඒ නිසා අප කියන්නේ සිංහල බෞද්ධයන්ට පමණක්‌ නොව මුස්‌ලිම් නොවන ඕනෑම අයකුට හලාල් භාණ්‌ඩ හෝ නිෂ්පාදන ප්‍රතික්‍ෂේප කිරීමේ අයිතිය තිබිය යුතු බවයි. මෙය බොහෝ මුස්‌ලිම් අය ද පිළිගන්නා සත්‍යයකි. එය මේ වන විට ශ්‍රී ලංකාවේ හලාල් සහතිකය නිකුත් කරන සමස්‌ත ලංකා ජමයිතුල්ලා උලමාවරුන්ගේ සංගමය විසින් ද පිළිගෙන ඇති කරුණකි. ඒ අනුව ඉකුත් පෙබරවාරි 22 දින "දිවයින" පත්‍රයේ මුල් පිටුවේ සඳහන් පුවතක මෙසේ සඳහන්ය.

"ඉස්‌ලාම් නොවන අන්‍ය ආගමිකයන්ට විකුණන භාණ්‌ඩ සඳහා හලාල් සහතිකය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස සමස්‌ත ලංකා ජමයිතුල්ලා උලමාවරුන්ගේ සංගමය හලාල් සහතික ලත් සියලුම ආයතනවලින් ඉල්ලා සිටී.

එමෙන්ම හලාල් සහතික කරන ක්‍රියාදාමය මුස්‌ලිම්වරුන්ට පමණක්‌ විකිණීම සඳහා යොදා ගන්නා ලෙස ද එම සංගමය ඉල්ලා සිටී."

මේ අනුව ශ්‍රී ලංකාවේ හලාල් සහතිකය නිකුත් කරන සමස්‌ත ලංකා ජමයිතුල්ලා උලමාවරුන්ගේ සංගමය විසින්ම ප්‍රකාශ කරන්නේ හලාල් සහතික කරන ක්‍රමවේදය මුස්‌ලිම් ජනයාට පමණක්‌ සීමා වූ ක්‍රියාදාමයක්‌ බවයි. 2013 පෙබරවාරි 08 වැනි දින කොල්ලුපිටිය රන්මුතු හෝටලයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සමස්‌ත ලංකා ජමයිතුල්ලා උලමා සංවිධානයේ හලාල් අංශ ප්‍රධානී මුර්ෂිඩ් මුලµdර් මව්ලවිවරයා ප්‍රකාශ කර තිබුණේ හලාල් ලේබලය කිසිම නිෂ්පාදනයකට හෝ ව්‍යාපාරික ආයතනයකට බලෙන් ලබාදී නැති බවයි. හලාල් සහතික කිරීමේ ක්‍රමවේදය මුස්‌ලිම් ජනයාට පමණක්‌ වුවත්, එම සහතිකය බලෙන් කිසිදු ව්‍යාපාරික ආයතනයකට ලබාදී නැති බව පැවසුවත් ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ කුමක්‌ද? ඉස්‌ලාම් නොවන පාරිභෝගික ජනයාට මිලදී ගැනීමට හලාල් නොවන භාණ්‌ඩ වෙළෙඳපොළේ තිබෙනවාද? ඔබ වෙළෙඳසලකට ගොස්‌ හලාල් නැති බිස්‌කට්‌ පැකට්‌ටුවක්‌ ඉල්ලා සිටින්න. ඔබට ලැබෙන පිළිතුර සියලුම බිස්‌කට්‌ වර්ගවල හලාල් ලාංඡනය ඇති බවයි. ඒ නිසා මුස්‌ලිම් නොවන අයට හලාල් නොවන භාණ්‌ඩ මිලදී ගැනීමට අයිතියක්‌ තිබුණත්, ඒ අයිතිය වෙළෙඳපොළේ ඇති බොහෝ භාණ්‌ඩ හලාල් කිරීම හරහා මේ වන විට අහිමි කරනු ලැබ ඇත. වෙළෙඳපොළේ ඇති සියලුම බිස්‌කට්‌ වර්ග හෝ කිරිපිටි වර්ග හලාල් නම් හලාල් නොවන බිස්‌කට්‌ හෝ කිරිපිටි වර්ගයක්‌ තෝරා ගැනීමට හැකියාවක්‌ නැත. ඉකුත් පෙබරවාරි 07 වැනිදා සභා නායක ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ හලාල් ආහාර හා නිෂ්පාදන මිලට ගැනීමට හෝ ප්‍රතික්‍ෂේප කිරීමේ පූර්ණ නිදහස ඕනෑම කෙනකුට ඇති බවයි. එහෙත් ඇත්ත තත්ත්වය නම් මුස්‌ලිම් නොවන අයට හලාල් භාණ්‌ඩ ප්‍රතික්‍ෂේප කිරීමේ ප්‍රායෝගික හැකියාවක්‌ වෙළෙඳපොළ තුළ නොපවතින බවයි. මේ අනුව මුස්‌ලිම් නොවන සහ තමන් නොඅදහන ආගමික විශ්වාසයක්‌ අනුව යමින් හලාල් භාණ්‌ඩ පරිභෝජනය කිරීමට සිදුව තිබෙනවා නම් ඒ වෙනුවෙන් ඔවුන්ට අතිරේකව මුදල්a ගෙවීමට ද සිදු වෙනවා නම් එය බරපතළ අසාධාරණයක්‌ නොවන්නේ ද? ඒ නිසා මේ කියන හලාල් විරෝධය ඒ අසාධාරණයට එරෙහිවය. එම බලහත්කාරයට එරෙහිවය. එසේ නැතුව මෙය කිසිදු අන්‍යාගමික විශ්වාසයක්‌ නොඉවසීමක්‌ හෝ ඒවාට නිගරු කිරීමක්‌ නොවේ. ඒ නිසා මුස්‌ලිම් නොවන අයට ඇති හලාල් නොමැති භාණ්‌ඩ පරිභෝජනය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් ක්‍රියා කිරීම ආගමික සහජීවනයට හානි කිරීමක්‌ නොවේ. මෙතැන ඇත්තේ කිසියම් ආගමික කණ්‌ඩායමක ක්‍රියාවකින් තවත් ආගමික හා සමාජ කණ්‌ඩායමකට සිදුවන බලහත්කාරයකි. ආගමික සහජීවනයට හානියක්‌ සිදු වනවා නම් වන්නේ, එම බලහත්කාරය මගින් මිස, එම අසාධාරණයෙන් සිදුවන පීඩනයට එරෙහිව ක්‍රියා මාර්ග ගැනීම නිසා නොවේ. මෙය මුස්‌ලිම් ජනතාව විසින් මෙන්ම වත්මන් හලාල් විරෝධය ගැන බොරු පච ප්‍රචාරය කරන අය විසින් ද තේරුම්ගත යුතුය.

ඇතැම් අය හලාල් සංවාදය වැරදි ලෙස අර්ථකථනය කරමින් කියා සිටින්නේ මෙමගින් සිංහල, මුස්‌ලිම් ගැටුමක්‌ ඇති වන බවයි. ආගමික සහජීවනයට බාධාවක්‌ ඇති වන බවයි. තවත් ඇතැම් අය කියන්නේ හලාල් විරෝධී යුද්ධය, ආර්ථික ඝාතකයෙක්‌ ද වන බවයි. එහෙත් ඇත්තවශයෙන්ම බැලුවහොත් ඔය කියන ආකාරයේ හලාල් විරෝධී යුද්ධයක්‌වත්, මුස්‌ලිම් විරෝධයක්‌ හෝ හලාල් විරෝධයක්‌ ද මේ සංවාදය තුළ නොමැත. එය වඩාත් අවංකව සහ මැදහත්ව බලන විට පැහැදිලි වන කාරණයකි, ඉස්‌ලාම් නොවන අයට හලාල් භාණ්‌ඩ බලහත්කාරයෙන් පැටවීමට එරෙහිව ක්‍රියා කිරීම වරදක්‌ නම් කෙනෙක්‌ අපට පිහියකින් ඇන මරන්නට එන විට, ආත්ම ආරක්‍ෂාව පතා ක්‍රියා කිරීමත් වරදක්‌ විය යුතුය. ඔවුන් කියන පරිදි අප කළ යුතු වන්නේ අපට පිහියෙන් ඇන මරන්නට එන අයට ඊට ඉඩදී බලා සිටීමයි.

ඉස්‌ලාම් නොවන අයට හලාල් භාණ්‌ඩ පරිභෝජනය කිරීමට සිදුව තිබීමේ අසාධාරණය විසින් ආර්ථික ඝාතකයෙක්‌ ද නිර්මාණය කර ඇත. ආගමික සහජීවනය පවත්වා ගත හැක්‌කේ අනිකාගේ ආගමික ව්‍යවහාරයන්ට ගරු කිරීමට ඉගෙනීමෙනි. එසේ නැතුව තමන්ගේ ආගමික චාරිත්‍ර වෙනත් අය මත (හලාල් සහතික කිරීමේ ක්‍රමවේදය හරහා) බලෙන් පැටවීමෙන් නොවේ. අශෝක අධිරාජයා සිය ශීලා ආඥවක දක්‌වා ඇත්තේ "හැමවිටම, හැම ආකාරයකින්ම, සෙසු ආගම්වලට නිසි ප්‍රණාමය දැක්‌වීමෙන් තමාගේ ආගම ප්‍රවර්ධනය කෙරෙනවා පමණක්‌ නොව, අනිකාට ද යහපතක්‌ සිදු කෙරෙන" බවයි. මුස්‌ලිම් ආගමිකයන් ඉතා ගෞරවයෙන් හා භක්‌තියෙන් යුතුව පිළිගන්නා සහ ක්‍රියාත්මක කරන ආගමික චාරිත්‍රයට (එය අප විසින් නොපිළිගත්තත්) කිසිවෙක්‌ නිගරුවක්‌ කර නැත. එහෙත් එම ආගමික චාරිත්‍ර, එම ආගමිකයන් නොවන අයටත් බලහත්කාරයෙන් පටවන තත්ත්වයෙන් නම් සිදු වන්නේ ආගමික සහජීවනයට හානියකි. අන් අයගේ ආගමික විශ්වාසයන් ඉවසීමට මෙන්ම, තම ආගමික විශ්වාසයන් අනුව ඔවුන්ට කටයුතු කිරීමට ඇති අයිතියට ද ගරු කළ යුතුය. හලාල් නොවන භාණ්‌ඩ පරිභෝජනය කිරීමට මුස්‌ලිම් නොවන අයට ඇති අයිතිය වෙනුවෙන් ක්‍රියා කිරීම ඇතැමුන් හලාල් විරෝධී යුද්ධයක්‌ හා ආර්ථික ඝාතකයෙක්‌ ලෙස හැඳින් වුවත්, අප කියා සිටින්නේ මේ විරෝධය නොවන්නට සිදු වන්නේ අප විසින් නොදැනුවත්වම ක්‍රමයෙන් ඉතා භයානක ආර්ථික ඝාතකයෙක්‌ සන්නද්ධ කිරීමක්‌ බවයි. එසේ සන්නද්ධ කෙරෙන ආර්ථික ඝාතකයා අනාගතයේ මුදා හැරි විට සිදුවන අනර්ථය තේරුම් ගැනීමට ද අපට අපහසු නැත.

මුස්‌ලිම් අයට මෙන්ම මුස්‌ලිම් නොවන අයටත් අනිවාර්යයෙන්ම හලාල් භාණ්‌ඩ පරිභෝජනය කිරීමට සිදුවන තත්ත්වය නිර්මාණය කර තිබෙන වත්මන් හලාල් ක්‍රියාවලිය, ශ්‍රී ලංකා ආර්ථිකයේ ඉදිරි ගමනට වින කරන ආර්ථික ඝාතකයකු බවට පත්විය හැක්‌කේ කෙසේද? ආර්ථිකයක්‌ සමන්විත වන්නේ බොහෝ දෙනකුගෙනි. එම පිරිස්‌ අතර පවතින අන්තර් සම්බන්ධතාව මෙහිදී ඉතා වැදගත්ය. දැති රෝදයක්‌ කරකැවීමට සෑම දැත්තක්‌ම එක ලෙසම වැදගත්ය. ඒ අනුව ආර්ථිකයක සිටින විවිධ පාර්ශ්වයන් වූ කලී රටක සිටින මිනිසුන්ට අවශ්‍ය විවිධ භාණ්‌ඩ හා සේවා නිපදවන දැති රෝදයක ඇති දැත්තක්‌ ලෙස යමෙක්‌ අර්ථකථනය කරන්නේ නම්, එකී දැති රෝදය කරකැවීමට එම සෑම දැත්තක්‌ම එක ලෙස වැදගත්ය. එසේ නම් ආර්ථිකයේ එක්‌ අංශයක්‌ තවත් අංශයකට එරෙහිව බලහත්කාරයක්‌ දියත් කිරීම තුළින් සිදු වන්නේ එම බලහත්කාරයට ලක්‌වන අංශයට ඊට එරෙහිව ක්‍රියා කිරීමට සිදුවන තත්ත්වයක්‌ නිර්මාණය වීමයි. හේතුව බලහත්කාරයයි. ඵලය ඊට එරෙහිව විරෝධයක්‌ නිර්මාණය වීමයි. ඒ නිසා මෙහි වරද ඇත්තේ එම බලහත්කාරයේ මිස ඊට මුහුණදීම සඳහා ආත්මාරක්‍ෂක පියවර ගැනීමේ ක්‍රියාවලිය තුළ නොවේ. එසේ ආර්ථිකයේ අංශ අතර ඇතිවන විසංවාදය, ගැටීම හරහා සමස්‌ත ආර්ථික ක්‍රියාවලියට හානි සිදුවී ඉහතින් සඳහන් කළ දැති රෝදය කරකැවීමේ ක්‍රියාවලියට බාධා ඇති වෙයි. මේ බලහත්කාරය ක්‍රියාත්මක කරන අයට ඒ තුළින් සමස්‌ත ආර්ථික ක්‍රියාවලියට සිදුවන හානිය නොපෙනෙනවා පමණක්‌ නොව, තමන්ගේ එම ක්‍රියාව නිසා තමන් වෙතම බූමරංගයක්‌ මෙන් කරකැවී පැමිණිය හැකිව තිබෙන හානිය ද නොපෙනේ. මේ තත්ත්වය තේරුම් ගැනීමට මෙන්ම, ආර්ථික ක්‍රියාවලියට ඒ තුළින් සිදුවන අන්තරාය වැළැක්‌වීමට නම් ආර්ථිකයේ තවත් අංශයක්‌ අසාධාරණයට සහ පීඩනයට ලක්‌ කරමින් සිදුකරන බලහත්කාරය පිළිබඳ පටු දර්ශනය ඉක්‌මවා ගිය දැක්‌මක්‌ ඔවුන්ට අවශ්‍යය. මේ අයට එම දැක්‌ම දැන් දැන් තරමක්‌ දුරට හෝ පහළ වී ඇති බව අපට පෙනෙන්නට තිබේ. එය නම් අප දකින්නේ සුබදායි දෙයක්‌ ලෙසය.

බුදුදහම තරම් ආගමික සහජීවනය ගැන කතා කළ වෙනත් දහමක්‌ නොමැත. ඒ නිසාම දැනුවත් බෞද්ධයන් තම ආගමික විශ්වාසයන් අන්‍යයන් මත බලෙන් පටවන්නේ නැත. වෙනත් ආගමිකයන්ගේ විවාහවලදී සහකරුවා වන්නේ අන්‍ය ආගමිකයෙක්‌ නම්, ඔහුට හෝ ඇයට අනිවාර්යයෙන්ම එම ආගම වැළඳ ගැනීමට සිදුවෙයි. මේ ආකාරයට කිසිදු විශ්වාසයක්‌ නැතිව හුදෙක්‌ විවාහය නිසාම වෙනත් ආගම් වැළඳගත් බෞද්ධයෝ ඕනෑ තරම් සිටිති. ආගමක්‌වැළඳ ගත යුත්තේ තමාගේම විශ්වාසයට අනුවය. එහෙත් යම් බෞද්ධයකු තම විශ්වාසයෙන් තොරව හුදෙක්‌ විවාහය නිසාම වෙනත් ආගමක්‌ වැළඳ ගනු ලැබුවද බෞද්ධ සමාජය ඔහුව කොන් නොකරයි. වෙනත් කවර ආගමිකයෙක්‌ සමග විවාහ වුවද බෞද්ධයෝ එම සහකරුට හෝ සහකාරියට බුදුදහම වැළඳ ගන්නැයිද බල නොකරති. එසේ වුවත් සිංහල බෞද්ධයන් ඇතුළු මුස්‌ලිම් නොවන අයට හලාල් භාණ්‌ඩ අනිවාර්යයෙන්ම පරිභෝජනය කිරීමට සිදුව ඇති අසාධාරණයට ඉඩදී බලා සිටිය යුතු නොවේ. ඔවුන් එම බලහත්කාරයට එරෙහිව ක්‍රියා කරන විට ඇතැමුන් එය වැරදි ලෙස අර්ථකථනය කරමින් කියන්නේ බුදුන් දේශනා කළ ධර්මයේ නාමයෙන් ඒ ජාතියේ ඇතැමුන් වසල ක්‍රියාවන්හි වර්තමානයේ නිරත වන බවයි. ඇතැම් බෞද්ධ යතිවරුන් සහ ගිහි බෞද්ධයන් හලාල් භාණ්‌ඩ තමන්ට බලෙන් ගැනීමට සිදුව ඇති තත්ත්වයට (එම බලහත්කාරයට) එරෙහිව පියවර ගනිමින් සිටියත් මේ බුද්ධද්වීපයේ දැනුවත් මිනිසුන් නිහඬව සිටීම කණගාටුවට කරුණකි. ඊටත් වඩා ෙ€දවාචකය වන්නේ දැනුවත් ඇතැම් වියතුන්ද මුස්‌ලිම් නොවන අයට සිදුව ඇති අසාධාරණයට එරෙහිව ඔවුන් නිවටයන් ලෙස නොසිටින තත්ත්වය වසල ක්‍රියාවක්‌ ලෙස හඳුන්වා දීමයි. මුස්‌ලිම් අයට හලාල් යන්න පූජනීය සහ උතුම් දෙයක්‌ වන්නා සේම බුදු පියාණන් වහන්සේගේ ධර්මය අනුව මිථ්‍යාදෘෂ්ටිය වූ කලී බලවත් පාප කර්මයකි. ඒ අනුව මුස්‌ලිම් අයගේ හලාල් සම්බන්ධයෙන් අන් අයට ප්‍රශ්නයක්‌ ඇති වී නැත. ප්‍රශ්නය ඇත්තේ හලාල් අපයෝජනය සම්බන්ධයෙනි. මේ හලාල් අපයෝජනය අනුමත කරන්නන් කරන්නේ අති බිහිසුණු ආර්ථික ඝාතකයකු ශක්‌තිමත්වන තත්aත්වය දැක දැකම මුනිවත රැකීම පමණක්‌ නොවේá එම ආර්ථික ඝාතකයා තව තවත් ශක්‌තිමත් කිරීමයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all