Photobucket

Sunday, March 10, 2013

ආයුර්වේද වෛද්‍යවරියකගෙන් ඒඩ්ස්‌ සුවකරන ඔසුවක්‌

මාරාන්තික ඒඩ්ස්‌ රෝගය සුව කළ හැකි ඖෂධයක්‌ ශ්‍රී ලාංකික ආයුර්වේද වෛද්‍යවරියක්‌ විසින් සොයා ගැනීමට සමත්වී ඇත.

ඒඩ්ස්‌ රෝගීන් දස දෙනකු යොදාගෙන මාස හයක කාලයක්‌ තුළ සිදු කළ පර්යේෂණවලින් මේ වන විට සාර්ථක ප්‍රතිඵල අත්වී තිබෙන බව ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය දිවයින ඉරිදා සංග්‍රහයට පැසුවාය.

මෙරට ඖෂධීය ශාක යොදා ගනිමින් සාදා ඇති මෙම ඖෂධය මගින් එම ඒඩ්ස්‌ රෝගීන්ගේ ප්‍රතිශක්‌තිය වැඩි කරන බව මාස හය පුරා සිදුකළ පරීක්‍ෂණවලින් තහවුරු කර ගැනීමට හැකි වූබවද වෛද්‍යවරිය කියා සිටියාය.

මෙම පර්යේෂණ ඉදිරියට කරගෙන යැමට අවශ්‍ය උපදෙස්‌ හා පහසුකම් ලබාදීමට අවශ්‍ය කටයුතු දේශීය වෛද්‍ය අමාත්‍යංශය මගින් ලබාදෙන බවට දේශීය වෛද්‍ය ඇමැති සාලින්ද දිසානායක මහතා පැවසූ බවත් වෛද්‍ය තරංගා කුමාර වික්‍රමසූරිය වැඩිදුරටත් කියා සිටියාය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all