Photobucket

Tuesday, March 5, 2013

ජිනිවා හී පෙන්වූ වීඩියෝ පටයේ ඇත්ත නැත්ත හෙළි කරනවා

ශ්‍රී ලංකාව අපහසුතාවට පත් කිරීමේ අරමුණින් ජගත් මානව හිමිකම් කවුන්සලයේදී ප්‍රදර්ශනය කළ ‘නෝ ෆයර් සෝන්’ වීඩියෝ පටයේ සත්‍ය අසත්‍යතාව හෙළිකරන බව රජය අවධාරණය කරයි.

ඒවායේ සත්‍ය අසත්‍යභාව ක්ෂේත‍්‍රයේ විශේෂඥයන් විසින් පරීක්ෂා කළ යුතු වන අතර ඒ සඳහා දින ගණනක් හෝ සති ගණනක් ගත විය හැකි බවද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සහ තානාපති රවිනාථ ආරියසිංහ මහතා පවසයි.

තහවුරු නොකළ මූලාශ‍්‍රයන් උපයෝගී කරගෙන කරුණු විකෘති කරමින් සහ අභූත චෝදනා නඟමින් නිපද වූ චිත‍්‍රපටයක් මානව හිමිකම් සමුළුවේ ප‍්‍රදර්ශනය කිරීමට ඉඩකඩ සැලසූ කණ්ඩායම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය කෙළෙසීමට උත්සාහ කර ඇති බවද එය බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විසින් ශ‍්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් මණ්ඩලය තුළ මතයක් ගොඩ නැඟීම සඳහා සැලසුම් කර ඉදිරිපත් කරන ලද්දක් බවද හෙතෙම පෙන්වා දෙයි.

බ්‍රිතාන්‍යය චැනල් 4 නාලිකාවේ නිර්මාණාත්මක වීඩියෝ පටය ජගත් මානව හිමිකම් සැසියේදී ප‍්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව රැස්ව සිටි පිරිස අමතමින් ශ්‍රී ලංකා තානාපතිවරයා මේ බව සඳහන්කර ඇත.

ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී මෙම වීඩියෝ පටය ප්‍රදර්ශනය කිරීමත් සමඟ රාජ්‍ය නොවන සංවිධානවල කටයුතු සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව පෙන්වාදී තිබෙන ශ්‍රී ලංකා තානාපතිවරයා ඒ අනුව එම සංවිධානවලට ජගත් සංවිධානය තුළ පවතින වරප්‍රසාද අහිමි කළ යුතු බවට යෝජනාවක්ද ඉදිරිපත් කර තිබේ. 

මේ චිත්‍රපටය ප්‍රදර්ශනය නොකරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතා ඉල්ලිමක්කර තිබෙන අතර හියුමන් රයිට්ස් වොච් ආයතනය සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය විසින් "නෝ ෆයර් සෝන්" නැමැති මේ වීඩියෝ පටය මානව හිමිකම් සැසිවාරයේදී ප්‍රදර්ශනය කර තිබෙන බවද ඒ සඳහා ජගත් මානව හිමිකම් කවුන්සලයේ කිසිඳු අනුමැතියක් ලැබී නොමැති බවද තානාපතිවරයා සඳහන් කරයි.
Share on :

1 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all