Photobucket

Tuesday, March 5, 2013

කොළඹ වරායෙන් හොර සිගරැට්‌ අල්ලයි

වාහන අමතර කොටස්‌ ගෙන්වන මුවාවෙන් නීති විරෝධීව කොළඹ වරායට ගෙන්වා තිබූ රුපියල් මිලියන 30 ක්‌ වටිනා සිගරැට්‌ තොගයක්‌ රේගුවේ විශේෂ විමර්ශන ඒකකය මගින් (03 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සිගරැට්‌ තොගයේ සිගරැට්‌ ලක්‍ෂ 500 ක්‌ තිබෙන බව වැටලීම කළ උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

වාහනවල µsල්ටර් ගෙන්වන මුවාවෙන් මැදපෙරදිගින් ගෙන්වා තිබූ සිගරැට්‌ තොගය අඩි 08 ක්‌ උස අඩි 08 ක්‌ පළල පෙට්‌ටි 08 ක අසුරා ඇති බවට ලැබුණු තොරතුරක්‌ අනුව විමර්ශනය කිරීමේදී පෙට්‌ටි තුනක්‌ වෙනත් ස්‌ථානයක සඟවා තබා තිබියදී හමුවී ඇත. එම නිසා මෙම ජාවාරම පිටුපස වරායේ සේවකයන් ද සිටින බවට සැකකර ඒ සම්බන්ධයෙන් වෙනම පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ.

රේගුවේ විශේෂ වැටලීම් ඒකකයේ අධ්‍යක්‍ෂ මාලි පියසේන මහතාගේ උපදෙස්‌ මත නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරුන් වන ඡේ. වී. චන්ද්‍රසේන, සිරිපාල එදිරිමාන්න, අධිකාරිවරුන් වන ටී. ඒ. එස්‌. ජයකොඩි, ආතර් සිල්වා, නවීන් විඡේවර්ධන යන නිලධාරීන් විසින් වැටලීම සිදුකර තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all