Photobucket

Monday, March 4, 2013

ආණ්‌ඩුවට සැලැස්‌මක්‌ නෑ

ජිනීවා අභියෝග ජය ගැනීමට ආණ්‌ඩුවට කිසිදු සැලැසුමක්‌ නැති බව එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා 'දිවයින ඉරිදා සංග්‍රහය' ට පැවැසීය.

මහින්ද සමරසිංහ ඇමැතිවරයා ජිනීවා සමුළුවේදී මෙවර සිදුකර ඇත්තේ පසුගිය වසරේදී (2012) සමුළුව හමුවේ කරන ලද කතාවම බව ද කී කිරිඇල්ල මහතා සමුළුවට සහභාගිවීමේදී කිසිදු සූදානමක්‌ රජයට නොතිබුණු බව ද කීය.

රටට එරෙහිව නැගුනු අතුරුදන් කිරීම්, මාධ්‍ය මර්දනය, අවිගත් කණ්‌ඩායම්, දේශපාලන විසඳුම, 17 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කිරීම, නීතිය හා සාමය බිඳවැටීම් ආදී චෝදනාවලට ඇමැතිවරයා පිළිතුරු ලෙස ලබා දී තිබෙන්නේ මාර්ග පද්ධතිය දියුණු කිරීම, උතුරු පළාතට ඕනෑම පුරවැසියකුට ගමන් කළ හැකිය යන පරස්‌පර කරුණු බව ද හෙතෙම කීය.

පසුගිය වසරේදී ඇමැතිවරුන් ගණනාවක්‌ම එම සැසියට සහභාගි වුණද, මෙවර මහින්ද සමරසිංහ මහතා පමණක්‌ අවසන් මොහොතේදී සහභාගිවීම තුළ රජයට නිසි ප්‍රතිපත්තියක්‌ නොමැති බව පැහැදිලි වන්නේ යෑයි ද ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවැසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all