Photobucket

Sunday, March 3, 2013

මහා ජාවාරමක් නූලෙන් නවතී

පිත්තල වලින් හැඩදමා සාදන ලද පැරණි ගල් කටස් වර්ගයේ තුවක්කුවක් පැරණි ලෝහමය ප්‍රතිමාවක් මැණික් ගල් වලට සමාන මැණික් ගල් දෙකක්, ලැප්ටොප් පරිගනකයක්, විකිණීම සඳහා හෙම්මාතගම නගරයට පැමිණි පස් දෙනෙකු හෙම්මාත ගම පොලිසිය විසින්  (02) වන දින අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහේස්ත්‍රාත් වරයා වෙත (03) ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

පසුගිය දින හෙම්මාතගම පොළ අසලදී දහවල් 11.30 ට පමණ මොවුන් පස් දෙනා ත්‍රිරෝද රථය හා යතුරු පැදිය සමඟ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඉහත සඳහන් මැණික් ගල්, ලෝකඩ ප්‍රතිමාවක්, ලැප්ටොප් පරිගනකයක් හා ගල්කටස් වර්ගයේ තුවක්කුවද විය. මෙම භාණ්ඩ සමූහය රුපියල් කොටි දහයකට අලෙවිකිරීමට සූදානම් කර තිබූ බව අනාවරණය විය. පිළිමය රජකෙනෙකුගේ හෝ සෙන්පතියකුගේ රුවට සමාන අඟල් 18 පමණ උස එකකි. ලන්දේසි සමයට අයත් යැයි සිතිය හැකි ගල්කටස් තුවක්කුව අඟල් 22 පමණ දිගය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all