ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින කුඩා රටක් අස්ථාවර කරන්නට කටයුතු කරනවාට
වඩා වෙනත් විසඳුමක් සොයාගත නොහැකි දැයි ඇමෙරිකානු විදේශ කටයුතු පිළිබඳ අනුකමිටු
සාමාජික එරට කොංග්‍රස් සභික ඉනී ෆලේමාවේගා මහතා ඇමෙරිකාවෙන් ප්‍රශ්න නඟයි.
ශ්‍රී ලංකාවට ඇඟිල්ල දික් නොකොට ඇමෙරිකාවේ දොස් නිදොස් කරගන්නා ලෙස ඔහු
ඇමෙරිකාවෙන්ම ඉල්ලා සිටියි.
ඒ මහතා එසේ ප්‍රකාශ කළේ කොංග්‍රස් කොමිටියේ දේශනයකට සහභාගි වෙමිනි.
ශ්‍රී ලංකා රජයට එරෙහිව ඉදිරිපත් කිරීමට අදහස් කරන එකී යෝජනා ඉල්ලා අස්කර ගන්නා ලෙස
ද ඒ මහතා සිය දේශනයේ දී ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකාවේ තිස් වසරක කාලයක් පැවැති
යුද්ධය දෙස නොබලා අවසාන මාස කීපය පිළිබඳව පමණක් කතාකිරීම වැරැදි බව සඳහන් කළ ඒ මහතා
දෙමළ කොටි සංවිධානය අහිංසක මිනිසුන් කාන්තාවන් හා ළමයින් මරා දැමූ බවත් ලොව අනෙක්
ත්‍රස්තවාදී සංවිධාන අබිබවා මරාගෙන මැරෙන ඝාතන 378ක් සිදුකළ බවත් එහිදී පෙන්වා
දුන්නේය.
එමනිසා ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව සමඟ එකතුව ශ්‍රී ලංකාව කෙටි කාලයක් තුළ උතුරු
නැෙඟනහිර ප්‍රදේශවල කර ඇති සංවර්ධනය අගය කළ යුතුª බව පෙන්වා දුන් ඉනී ෆලේමාවේගා
මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් ගෙන ඒම
කනගාටුවට කරුණක් බව ද සඳහන් කළේය.
දෙමළ කොටි සංවිධානය වැනි ත්‍රස්තවාදී සංවිධානයක් සිය භූමියේදීම පරාජය කොට
ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ පළමුවන රට ශ්‍රී ලංකාව බවත් කොටි සංවිධානය තවමත්
ඇමෙරිකාව, කැනඩාව, ඉන්දියාව ඇතුළු රටවල් 32ක තහනම් සංවිධානයක් බවත් පෙන්වා දුන්නේය.
තිස් වසරක් පුරා කොටි සංවිධානය සමඟ යුද්ධයට මුහුණ දී සාමය තහවුරු කොට සියලුම ජාතීන්
අතර සමානත්වය ඇතිකර ඇති බවත් මෑතකදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් පසු ඒ තත්ත්වය
සියැසින් දැකගත් බවත් සඳහන් කළේය.
0 comments:
Post a Comment