විශ්වවිද්‍යාල අභ්‍යන්තර සහ බාහිර ශිෂ්‍යයන් ලබන උපාධියේ කිසිදු වෙනසක් නොතිබිය
යුතු බව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පවසයි.
උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී
ඉකුත් සිකුරාදා (01) පැවැති අවස්ථාවේ දී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කර සිටියේ ය.
මෙරටින් පිටරට ගොස් ආපසු නොපැමිණ සිටින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට රටේ නිදහස්
අධ්‍යාපන සේවාව වෙනුවෙන් නැවත සේවය කිරීමට මෙරටට පැමිණෙන්නැයි ද මෙම ප්‍රගති
සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිතුමා ඉල්ලා සිටියේ ය.
රටේ විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් 650 ක් පමණ විදේශගතව සිටින අතර ඔවුන්ගෙන් ඇතැමුන්
ආපසු ගෙවිය යුතු මුදල් රුපියල් ලක්ෂ 50 - 60 ආදී වශයෙන් පවතින බව ද මෙහිදී අනාවරණය
විය.
මේ අය වෙනුවෙන් සහන සැලසීමේ වැඩපිළිවෙළක් ඇරැඹීමට සූදානම් බව ද ජනාධිපතිතුමා කීය.
උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරමින්
පැවසුවේ පිටරට ගිය විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සෑහෙන පිරිසක් නැවත මෙරට ඒමට
කැමැත්තෙන් සිටින බවයි.
මැති ඇමැතිවරු සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ද ලේකම්වරු
ඇතුළු නිලධාරීහු ද මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගි වූහ.
0 comments:
Post a Comment