Photobucket

Saturday, March 9, 2013

ශිෂ්‍යයෙක්‌ තර්ජනය කළ බව ලියූ ශිෂ්‍යාවට වෙච්ච දෙයක්‌ නෑ

පාසලේ ශිෂ්‍යයකු තමන්ට තර්ජනය කළේ යෑයි සඳහන් කරමින් ලිපියක්‌ ලියා මහව, යාපහුව මධ්‍ය මහා විද්‍යාලයේ උ/පෙළ ශිෂ්‍යාවක්‌ පසුගිය 05 වැනිදා සිට අතුරුදන්ව ඇතැයි මහව පොලිසියෙන් වාර්තා වෙයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ යාපහුව මධ්‍ය මහා විද්‍යාලයේ උසස්‌ පෙළ කලා අංශයේ අධ්‍යාපනය ලැබූ නිල්මිණි නිශානි දිසානායක නමැති 16 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.

මිතුරු මිතුරියන් අතර ඇතිවූ බහින්බස්‌වීමක්‌ නිසා එම පාසලේම ශිෂ්‍යයකු විසින් මෙම ශිෂ්‍යාවට පහර දී තර්ජනය කර ඇති බව ද අනාවරණය වී ඇත.

එම පහරදීමෙන් තෙදිනකට පසු පෞද්ගලික පන්තියකට යනවා යෑයි පවසමින් ඇය නිවසින් පිටව ගොස්‌ ඇත.

ඇය නැවත නිවසට නොපැමිණීම පිළිබඳව ඇයගේ පියා විසින් මහව පොලිසියට දැනුම් දී ඇති අතර තමන්ට ජීවිතය එපා වී ඇති බවත් පාසල් ශිෂ්‍යයකු නිසා තවදුරටත් තමාට පාසල් යන්නට නොහැකි බැවින් තමා ඔළුව හැරුණ අතේ යන බවත් සඳහන් කරමින් ඇය විසින් ලියන ලද ලිපියක්‌ ඇයගේ පියා වන ගාමිණි දිසානායක මහතා නිවසේ තිබී සොයාගෙන ඇත.

ඇය පිළිබඳව තොරතුරක්‌ දන්නේ නම් ළඟම ඇති පොලිසියට හෝ මහව පොලිසියට දන්වන ලෙස ඇයගේ මව්පියන් ඉල්ලා සිටියි. මහව පොලිසියේ ස්‌ථානාධිපති ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all