Photobucket

Saturday, March 9, 2013

ව්‍යාජ රන් අබරණ උකස් කරද්දී මාට්ටු

රන් ආලේප කර ව්‍යාජ ලෙස නිම කළ රන් ආබරණ තොගයක් අවිස්සාවේල්ල නගරයේ මූල්‍ය සමාගමකට උකස් කිරීමට ගිය පුද්ගලයන් හතර දෙනකු අවිස්සාවේල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වළලු දහයක් හැත්තෑහතර දහසකට උකස් කිරීමට සූදානම් වෙද්දී එම සමාගමට සැකසිතී අවිස්සාවේල්ල පොලිසියට දැනුම් දී තිබේ. වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මේ රන් භාණ්ඩ හංවැල්ලේ රන් භාණ්ඩ නිපදවන පුද්ගලයකු ලවා සකස් කරන බවත්, කලක සිට මේ ජාවාරම සිදු කර ඇති බවත් හෙළිදරව් වී ඇත. 

මේ වන විට ලක්‍ෂ දහයක රන් භාණ්ඩ උකස් කර ඇති බව සැකකරුවන් ප්‍රකාශ කර තිබේ.

සීතාවක පොලිස් අධිකාරි අනුරාධ රූපසිංහ මහතාගේ සහ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ලලිත් පුස්වැල්ල මහත්වරුන්ගේ මෙහෙයවීම මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිණ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all