Photobucket

Saturday, March 9, 2013

කීට සාම්පල විනාශ කළැයි දෙදෙනෙක් අත්අඩංගුවට

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්‍ෂා කිරීමට ගිය කෝට්ටේ මහනගර සභාවේ නිලධාරීන් පිරිසකට බලපෑම් කරමින් මදුරු කීට සාම්පල තොගයක් විනාශ කළ පුද්ගලයින් දෙදෙනකු මිරිහාන පොලිසිය විසින්  (07) අත්අඩංගුවට ගැනිණි.

ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජගත් වන්නිනායක මහතා ඇතුළු නිලධාරීන් සහ පොලීසිය සමඟ ඩෙංගු මදුරු බෝවන ස්ථාන පරීක්‍ෂා කිරීමට ගිය මොහොතේ මෙම සිදුවීම වී තිබේ.

ගංගොඩවිල හයිලෙවල් පාරේ පෞරාණික භාණ්ඩ අලෙවි කරන ස්ථානයක ජලය එකතු වන තැන් පරීක්‍ෂා කිරීමේදී හමු වූ ඩෙංගු කීටයන් තොගයක් සාම්පල් වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අත්අඩංගුවට ගත් මොහොතේ එම අලෙවි හලේ සිටි සේවකයකු විසින් එම මදුරු කීටයන් විනාශ කර ඇත.
ම් සිද්ධියට සම්බන්ධ පුද්ගලයා ඒ මොහොතේම අත්අඩංගුවට ගෙන ඇති අතර වෙළෙඳසලේ හිමිකරු එම අවස්ථාවේ පැනගොස් ඇත.

මිරිහාන පොලිසිය මගින් කළ විශේෂ මෙහෙයුමකදී පැන ගිය පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. සැකකරුවන් දෙදෙනා ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කළ බව පොලිසිය පවසයි. මෙම මෙහෙයුම සඳහා මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සජීව සමන් කුමාර මහතා සමඟ මිරිහාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ගයාන් සුජීව සැරයන් මංජුල සමඟ පොලිස් කොස්තාපල් චතුරංග යන මහත්වරු එක්වූහ.

කෝට්ටේ මහ නගර සභාව තුළ 2011 වසරේ ඩෙංගු රෝගීන් 1018 හඳුනාගනු ලැබුණු අතර 2012 වසරේ එය 438 දක්වා අඩුකිරීමට හැකි වූයේ මෙවැනි වැටලීම් නිසා බවද වෛද්‍ය ජගත් වන්නිනායක මහතා වැඩිදුරටත් පැවසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all