Photobucket

Saturday, March 9, 2013

කාන්තා ඇඳුම් ඇඳගෙන උමතු කතක්‌ ලෙස රඟපාමින් මීගමුවේ නිවාස දහයක්‌ බින්ද මත්ලෝලියා දැලේ

මත්කුඩු පානයට අවශ්‍ය මුදල් සෙවීම සඳහා කාන්තා ඇඳුම් ඇඳ (ගවුම්) උමතු ස්‌ත්‍රියක්‌ ලෙස රඟපාමින් මීගමුව පොලිස්‌ බල ප්‍රදේශයේ නිවාස 10 ක්‌ බිඳ රන් අබරණ සහ වටිනා භාණ්‌ඩ රැසක්‌ සොරාගත් මත්ලෝලියකු අත්අඩංගුවට ගත් මීගමුව දිස්‌ත්‍රික්‌ කොට්‌ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස්‌ නිලධාරීහු එම සැකකරු විසින් සොරාගත් රන් අබරණ ඇතුළු රුපියල් ලක්‍ෂ 8 ක්‌ පමණ වටිනා භාණ්‌ඩ රැසක්‌ අත්අඩංගුවට ගැනීමට සමත් විය.

මෙම මත්ලෝලියා වන සමන් කුමාර නොහොත් රංග නමැති 23 හැවිරිදි අවිවාහක තරුණයා කටියල දෙමන් හන්දිය වෙස්‌ටසීටන් වතුයායේ පදිංචි කරුවෙකි. මොහු උමතු කානතාවකගේ වෙස්‌ ගෙන ප්‍රදේශය පුරා සැරිසැරීම නිසා මහජනයාගේ උකුසු ඇසට මොහු ලක්‌වී නොමැත. එය සැකකරුගේ සොරකම්වලට බලවත් රුකුලක්‌ වී ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all