Photobucket

Saturday, March 9, 2013

ජිනීවා සමුළුව කොටි නළවයි ජාතික ආරක්‌ෂාවත් අනතුරක!ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ වන යෝජනා රැසක්‌ ලබන 15 වැනිදා ජිනීවා සමුළුවට ඉදිරිපත් කිරීමට රටවල් රැසක්‌ තීරණය කර තිබේ. උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම, අත්අඩංගුවේ සිටින දරුණු එල්.ටී.ටී. ඊ. සාමාජිකයන් නිදහස්‌ කිරීම, මරණ දඬුවම අහෝසි කිරීම ඇතුළු යෝජනා රැසක්‌ ඒ අතර වේ. රාජ්‍ය නොවන සංවිධාන හා රටවල් කිහිපයක්‌ විසින් දිගුකාලයක සිට කරන ලද සැලසුමකට අනුව ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ වන මෙම යෝජනා ඉදිරිපත් කෙරෙන බව රජය අනාවරණය කරගෙන තිබේ. මෙම රාජ්‍ය නොවන සංවිධාන හා රටවල් වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට හානිවන සහ රට දෙකඩ කිSරීම සඳහා විවිධ කුමන්ත්‍රණ දියත් කර ඇති බව හෙළිවී ඇත. ජාතික ආරක්‍ෂාවට තර්ජනය වන මේ කිසිදු යෝජනාවකට එකඟ නොවීමට රජය තීරණයක්‌ ගෙන ඇත. රටේ ආරක්‍ෂාව සම්බන්ධ ගිවිසුම් හෝ නිර්දේශ හෝ ආරක්‍ෂක හමුදාවට එරෙහි ක්‍රියාමාර්ගයන් සම්බන්ධව රජය එකඟතාවකට නොඑන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය. 200000 කට අධික භට සේනාවක්‌ ද හමුදාව සතු හෝටල් 11 ක්‌ ද, පාලම් පාරු සේවාවක්‌ හා හමුදා ගුවන් සමාගම් 2 ක්‌ ද, තල්මසුන් නැරඹීමේ හමුදා සමාගම් කීපයක්‌ හා හමුදා ව්‍යාපාරික ආයතන රැසක්‌ ද උතුරේ ක්‍රියාත්මක වන බවට මෙම රාජ්‍ය නොවන සංවිධාන විසින් සාවද්‍ය වාර්තාවක්‌ විදේශ රටවලට හා මානව හිමිකම් සමුළුව වෙත යොමු කර ඇත. මෙකී රාජ්‍ය නොවන සංවිධාන විසින් එකී විදේශ රටවල මාර්ගයෙන් උතුරේ හමුදා කඳවුරු ඉවත්කරලීමත් බිහිසුණු අපරාධවලට සම්බන්ධව අත්අඩංගුවේ සිටින කොටි ත්‍රස්‌තයන් කණ්‌ඩායමක්‌ බේරා ගැනීමත් සඳහා ශ්‍රී ලංකාවේ මරණ දඬුවම අහෝසි කරන ලෙස ද යෝජනාවක්‌ සමුළුව වෙත නිර්දේශ කර තිබේ. මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කෙරෙන විශේෂ යෝජනාවට සමූල ඝාතනය සහ ද්‍රවිඩ වැසියන්ට වධ හිංසා පැමිණ වූ බවට දැක්‌වෙන කරුණු ද ඇතුළත් කරන්නැයි කොටි ඩයස්‌පෝරාව කළ ඉල්ලීමට ඇමරිකානු රජය එකඟ වී නැත.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ වන යෝජනා රැසක්‌ ලබන 15 වැනිදා ජිනීවා සමුළුවට ඉදිරිපත් කිරීමට රටවල් රැසක්‌ තීරණය කර තිබේ.

උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම, අත්අඩංගුවේ සිටින දරුණු එල්.ටී.ටී. ඊ. සාමාජිකයන් නිදහස්‌ කිරීම, මරණ දඬුවම අහෝසි කිරීම ඇතුළු යෝජනා රැසක්‌ ඒ අතර වේ.

රාජ්‍ය නොවන සංවිධාන හා රටවල් කිහිපයක්‌ විසින් දිගුකාලයක සිට කරන ලද සැලසුමකට අනුව ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ වන මෙම යෝජනා ඉදිරිපත් කෙරෙන බව රජය අනාවරණය කරගෙන තිබේ.

මෙම රාජ්‍ය නොවන සංවිධාන හා රටවල් වසර කිහිපයක සිට ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට හානිවන සහ රට දෙකඩ කිSරීම සඳහා විවිධ කුමන්ත්‍රණ දියත් කර ඇති බව හෙළිවී ඇත.

ජාතික ආරක්‍ෂාවට තර්ජනය වන මේ කිසිදු යෝජනාවකට එකඟ නොවීමට රජය තීරණයක්‌ ගෙන ඇත.

රටේ ආරක්‍ෂාව සම්බන්ධ ගිවිසුම් හෝ නිර්දේශ හෝ ආරක්‍ෂක හමුදාවට එරෙහි ක්‍රියාමාර්ගයන් සම්බන්ධව රජය එකඟතාවකට නොඑන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග "දිවයින ඉරිදා සංග්‍රහය"ට පැවසීය.

200000 කට අධික භට සේනාවක්‌ ද හමුදාව සතු හෝටල් 11 ක්‌ ද, පාලම් පාරු සේවාවක්‌ හා හමුදා ගුවන් සමාගම් 2 ක්‌ ද, තල්මසුන් නැරඹීමේ හමුදා සමාගම් කීපයක්‌ හා හමුදා ව්‍යාපාරික ආයතන රැසක්‌ ද උතුරේ ක්‍රියාත්මක වන බවට මෙම රාජ්‍ය නොවන සංවිධාන විසින් සාවද්‍ය වාර්තාවක්‌ විදේශ රටවලට හා මානව හිමිකම් සමුළුව වෙත යොමු කර ඇත.

මෙකී රාජ්‍ය නොවන සංවිධාන විසින් එකී විදේශ රටවල මාර්ගයෙන් උතුරේ හමුදා කඳවුරු ඉවත්කරලීමත් බිහිසුණු අපරාධවලට සම්බන්ධව අත්අඩංගුවේ සිටින කොටි ත්‍රස්‌තයන් කණ්‌ඩායමක්‌ බේරා ගැනීමත් සඳහා ශ්‍රී ලංකාවේ මරණ දඬුවම අහෝසි කරන ලෙස ද යෝජනාවක්‌ සමුළුව වෙත නිර්දේශ කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කෙරෙන විශේෂ යෝජනාවට සමූල ඝාතනය සහ ද්‍රවිඩ වැසියන්ට වධ හිංසා පැමිණ වූ බවට දැක්‌වෙන කරුණු ද ඇතුළත් කරන්නැයි කොටි ඩයස්‌පෝරාව කළ ඉල්ලීමට ඇමරිකානු රජය එකඟ වී නැත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all