2009 සිටම අප ලැබූ යුද ජයග්‍රහණය ආපසු හැරවීමට විරුද්ධවාදීන්
කටයුතු කළා. මා හිතන්නෙ ජිනීවාවල දැන් ක්‍රියාත්මක වෙන්නෙත් ඒ
වැඩපිළිවෙලේම තවත් පියවරක්. ඔවුන්ගේ වෑයම ශ්‍රී ලංකා හමුදාව
සිදුකළ මේ මානුෂික මෙහෙයුම ම්ලේච්ඡ යුද්ධයක් ලෙස තහවුරු කරවා
එහි වරද ශ්‍රී ලංකා හමුදාව මත පැටවීමටයි. ඒ තුළින් ශ්‍රී ලංකා
හමුදාව ලැබූ යුද ජයග්‍රහණය බාල්දු කිරීමේ කුමන්ත්‍රණයකුත් මෙහි
තිබෙනවා.
ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව විශේෂ යෝජනාවක් ගෙන ඒම ඔබ දකින්නෙ කොහොමද?
ඇමරිකාව ඉන්දියන් සාගරයේ මුරකරු වීමේ සිහිනයකින් පෙළෙනවා. එල්.ටී.ටී.ඊ. ය හා ශ්‍රී ලංකාව අතර දිගු කලක් පැවති ගැටුම සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්නැයි ඇමරිකාව හැමදාම කියා සිටියේ ඒකයි. ඔවුන් දුන් උපදෙස් ඉවත දමා ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීම ඇමරිකාව සළකන්නේ ඔවුන්ට කළ මදිපුංචිකමක් විදිහටයි. මහ බලවතුන්ගේ උවමනාවන්ට යට නොවී ස්‌වෝත්සාහයෙන් තම ප්‍රශ්න විසඳාගත හැකි බව ශ්‍රී ලංකාව මේ යුද්ධය ජය ගැනීමෙන් ලෝකයට පෙන්වා දුන්නා. ඒ පණිවුඩය මහ බලවතුන් සිතන්නේ තමුන්ට එල්ල කළ පහරක් හැටියටයි. ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙනෙන්නේ ඒ නිසයි.
ඉන්දියාව මෙවරත් ශ්‍රී ලංකාවට සහාය නොදෙන්නට තීරණය කර තිබෙනවා. ඔවුන්ගේ එම තීරණයට හේතුව තමිල්නාඩු දේශපාලකයන්ගේ බලපෑමද, ඇමරිකානු ඉන්දීය නව වෙළෙඳ ගිවිසුම් හරහා ඇතිවූ අලුත් හිතවත්කමක්‌ද?
මම හිතන්නෙ ඉන්දියාවට ඔය හේතු දෙකම බලපාල තියෙනව. තමුන් වටා සිටින සියලුම අසල්වැසියන් දුර්වල තත්ත්වයෙන් තබා ගැනීමට ඉන්දියාව කැමැතියි. ඉදිරියේදී ඉන්දියාවේ මැතිවරණ සමය උදාවෙනව. එහිදී තමිල්නාඩුවේ ප්‍රධාන දේශපාලන පක්‌ෂවල සහයෝගය මධ්‍යම රජයට අත්‍යවශ්‍යයි. මේ නිසා තමිල්නාඩුවේ දේශපාලකයන්ට කන්දීමට ඉන්දියාවට සිදු වෙනව. ඊට අමතරව ඉන්දියාව ඇමරිකාව සමග ඇති කරගත් නව වෙළෙඳ ගිවිසුම් හරහා ගොඩනැඟෙන අලුත් සබඳතාත් ඉන්දියාවේ මේ තීරණයට බලපෑම් කරන්නට ඇති.
ශ්‍රී ලංකාවට එරෙහිව ඇති යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමට නවනීදන් පිල්ලේ මහත්මිය කළ ආරාධනාව ශ්‍රී ලංකා නියෝජිතයන් ප්‍රතික්‌ෂේප කළා. ඒ පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?
ද්විපාක්‍ෂිකව විවිධ රටවල් සමග සාකච්ඡා කිරීම විනා එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හරහා බහුපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීම අනුවණ වැඩක්. ඇමරිකාව, රුසියාව, චීනය වැනි රටවල් සමග ද්විපාර්ශ්වික සාකච්ඡා තුළින් ලබාගත හැකි ස්‌ථාවරය, බෑන් කී මූන්,a හෝ පිල්ලේ වැනි නිලධාරීන්ට බලය පවරා බහුපාර්ශ්වික සාකච්ඡාවලට යොමු වුණොත් එය අපේ විරුද්ධවාදීන්ගේ බලකොටුවක් තුළට ගොස් සාකච්ඡා කිරීමක් වැනියි. එවැනි අවස්‌ථාවකින් මේ මොහොතේ ක්‍රියාත්මක වී සිටින හතුරන්ට ඒකරාශි වී ශ්‍රී ලංකාවට බලවත් තර්ජනයක් එල්ල කිරීමට වැඩි හැකියාවක් ලැබෙන්නට පුළුවන්.
ශ්‍රී ලංකාවට එල්ල වී තිබෙන යුද අපරාධ චෝදනාව ගැන පරීක්‌ෂණයක් පැවැත්විය යුත්තේ ශ්‍රී ලංකාවම බව ඉන්දියාව යෝජනා කර තිබෙනවා. ඇමරිකාවත් ඊට විරෝධය පළකරල නැහැ නේද?
උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවට මේ රටවල් දෙකම පොදු මතයක ඉන්නව. බාහිර පාර්ශ්වයන්ගේ විමර්ශනවලට අප ඉඩදිය යුතු නැහැ. මේ සම්බන්ධයෙන් දැනටමත් ක්‍රියාත්මක අභ්‍යන්තර විමර්ශන තුළින් ශ්‍රී ලංකා හමුදාව සිවිල් ජනතාවට හානියක් සිදු නොකළ බව ප්‍රකාශ වී තිබෙනවා. නමුත් උගත් පාඩම් කොමිසම් වාර්තාව අනුව වෙනත් පාර්ශ්වයක් එවැනි ක්‍රියාමාර්ගවල යෙදී ඇති බව සඳහන් කර ඇත. ඔවුන් එසේ සඳහන් කර ඇත්තේ උතුර නැගෙනහිර අවිගත් දෙමළ කණ්‌ඩායම් ගැනයි. ඔවුන් කටයුතු කර ඇති ආකාරය පිළිබඳ ශ්‍රී ලංකාව විසින් අභ්‍යන්තර පරීක්‌ෂණයක් පැවැත්විය යුතුය. උගත් පාඩම් කොමිසමෙන්ද නම් කරන ලද එම දෙමළ පිරිස්‌වල ක්‍රියාකාරිත්වයන් පිළිබඳ ශ්‍රී ලංකාව පරීක්‌ෂණයක් පැවැත්වීම ප්‍රශ්නයක් නොවේ. නමුත් ඇමරිකානු යෝජනාවට පක්‌ෂපාතී ලෙස මෙම ක්‍රියාදාමය සිදුකළහොත් එය ශ්‍රී ලංකාවට වාසිදායක නොවේ. එයට හේතුව ඇමරිකානු යෝජනාව අනුව කටයුතු කළොත් අපේ ස්‌ථාවරය ඉදිරිපත් කිරීමට ඉදිරි කාලයේ දී අපට අවස්‌ථාව අහිමි විය හැකි බැවිනි. එමනිසා ශ්‍රී ලංකාව තමුන්ගේ ක්‍රියාදාමයකට අනුව එබඳු අභ්‍යන්තර පරීක්‍ෂණයක් සිදු කරනු වෙනුවට ඉන්දියාවේ සහ ඇමරිකාවේ මෙම ඒකාබද්ධ යෝජනාවලට එකඟව කටයුතු කරන්නට ගියහොත් එය සියතින් ගෙල සිඳ ගැනීමට නොදෙවැනි වැඩකි.
2009 දී අප දුන් ප්‍රතිඥවක් දැන් අපට පාරාවළල්ලක් වී ඇති සැටි පැහැදිලිය. එනම් 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට දුන් ප්‍රතිඥව නිසා දැන් ඒ පිළිබඳ ඉන්දියාව ශ්‍රී ලංකාවට යම් යම් බලපෑම් කිරීමට පටන්ගෙන තිබේ. ශ්‍රී ලංකාව කටයුතු කළ යුත්තේ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවන්ට අනුවයි. ශ්‍රී ලංකාව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ විමර්ශනය කිරීමට කිසිවකුට අයිතියක් ලබාදිය යුතු නැත. කිසිම රටක කාලසටහනකට අනුව කටයුතු කිරීමට අප සූදානම් නොවිය යුතුය.
ශ්‍රී ලංකාව ස්‌වාධීන රටකි. ස්‌වාධීන රටක් පරීක්‌ෂා කිරීමට කිසිදු රටකට අයිතියක් නැත. කිසිදු රටකට එබඳු අයිතියක් ලබාදීමත් ස්‌වාධීන රටක් විසින් නොකළ යුතුය.
එමනිසා මේ පිළිබඳ අප කටයුතු කළ යුත්තේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අනුවයි.
මෙවර ජිනීවා සමුළුව හරහා බලවත් රටවල් කිහිපයක් ශ්‍රී ලංකාව යම් දඬුවමකට යටත් කරන්නට බලවත් ප්‍රයත්නයක් දරනවා. ඔවුන්ගේ එම වෑයම කිසියම් ආකාරයකින් සාර්ථක වෙයිද?
ශ්‍රී ලංකාව මෙවර ජිනීවා සමුළුවට ගියේ ගෙදර වැඩ හරියට නොකළ ශිෂ්‍යයෙක් විදුහල්පති ළඟට යනව වගෙයි. ගෙදර වැඩ විදිහට මම හඳුන්වන්නෙ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම ඇතුළු උතුරු නැගෙනහිර ජන ජීවිතය යළි ප්‍රතිසංවිධානය කිරීමේ වැඩ කටයුතුයි. 2009 සිට 2012 දක්‌වා කාලය තුළ ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය, අවතැන්වූ පිරිස් යළි පදිංචි කිරීම වැනි කටයුතු සාර්ථකව සිදු වුවත් 2012-2013 කාලසීමාවේදී එම වැඩපිළිවෙළ මන්දගාමී වී තිබෙනවා. අපි ජිනීවා යැමට පෙර කළ යුතුව තිබුණේ මේ "ගෙදර වැඩ" හරියට අවසන් කර ඒ පණිවිඩය ලෝකයාට යෑවීමයි. ඒ පණිවිඩය ලෝකයට ගියා නම් අපේ මිතුරු රටවල් තවත් ශක්‌තිමත් වෙනවා වගේම අපේ හතුරු රටවල් දුර්වල වෙනවා. නමුත් නිසි ලෙස සූදානම් නොවී ජිනීවා යැම නිසා යුද ජයග්‍රහණය බාල්දු කිරීමට බලා සිටින හතුරන්ට හොඳ පිළිතුරක් දීමට තිබූ අවස්‌ථාව අහිමි වී ගොස් තිබෙනවා.
2009 සිට 2012 දක්‌වා සාර්ථකව කරගෙන ආ වැඩපිළිවෙළ ඇයි මන්දගාමී වුණේ?
අපේ හමුදාව ඉතා දක්‌ෂ ලෙස ඔවුන්ගේ කාර්යය කළා. නමුත් අපේ පාලන තන්ත්‍රයේ ඇතැම් උසස් නිලධාරීන්ගේ අකාර්යක්‍ෂමතා නිසා මේ තත්ත්වය ඇති වී තිබෙනවා.

0 comments:
Post a Comment