Photobucket

Saturday, March 9, 2013

බොරැල්ල ටෙලිකොම් ශාඛාව මදුරුවන් බෝකරන රජ දහනක්

මදුරු කීටයන් බෝ කිරිමේ චෝදනාව මත අධිකරණය හමුවේ වරද පිළිගත් ශ්‍රි ලංකා ටෙලිකොම් සමාගමේ බොරැල්ල ශාඛාවේ සමාන්‍යාධිකාරිවරයා ඇතුළු පුද්ගලයන් තිදෙනකුට රුපියල් 4500ක දඩයක් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රහර්ශා රණසිංහ මහත්මිය (07) නියම කළාය. 

ජිවිතයට අන්තරාදායක ‍රෝගයක් බෝ කිරිමට ඉඩ හැරි බවට චො‍්දනා කරමින් බොරැල්ල පොලිසියේ පරිසර ආරක්ෂණ ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක වීරවර්ධන මහතා සැකකරුවන්ට එරෙහි ව අධිකරණය හමුවේ නඩු පවරා තිබිණ.

බොරැල්ල ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි වීරක්කොඩි අප්පුහාමිලාගේ කසුන් දිපාල් , සමාන්‍යාධිකාරි ආරක්ෂණ වි එම් ජේ ෆැන්සිස් ‍ෆොන්සේකා හා ආපන ශාලා හිමි රාජපක්ෂ කුමාරසිංහ නමැති තිදෙනාට 1500 බැගින් මෙසේ දඩ නියම විය. 

ඉකුත් 27 වැනි දින බොරැල්ල පොලිසිය විසින් සිදු කරන ලද මෙහෙයුමකට අනුව ටෙලිකොම් භුමිය අවට හා ආපන ශාලාව තුළ තිබු භාජන තුළ ජලය රැදී මදුරු කීටයන් බෝවිමට අවශ්‍ය තත්ත්වයක් නිර්මාණය වි තිබු බවට පොලිසිය අධිකරණය හමුවේ පැවැසීය.

අදාළ චෝදනාවට සැකකරුවන් අධිකරණය මත වරද පිළිගැනිම නිසා ඔහුන්ට රුපියල් 1500 බැගින් වු දඩ නියම කළ මහෙස්ත්‍රාත්වරිය නැවත එවැනි වරදකට අධිකරණයට නොඑන ලෙසට අවවාද කොට මුදා හැරියාය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all