Photobucket

Monday, March 4, 2013

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලෙන් කොන්ත්‍රාත්තුවට අස්සන් නෑ

අමතර වරප්‍රසාද කිහිපයක් කපා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ක්‍රිකට් ආයතනය සමඟ එළැඹෙන වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම අස්සන් කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

එලෙස ගිවිසුම අස්සන් කිරිම දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ‍හොත් නව ක්‍රිකට් කණ්ඩායමක් නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානමින් සිටියි.

ඒ සඳහා ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ උපදෙස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මේ වන විටත් ලැබී තිබේ. 

කොන්ත්‍රාත් ගිවිසුම අස්සන් කිරීමේ මතභේදය දුර දිග යෑම හේතුවෙන් ඊයේ බංග්ලාදේශය සමග ආරම්භ වූ තුන්දින තරගයට එක්වීමට සිටි කුමාර් සංගක්කාර එයට සහභාගි නොකිරීමට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත්තේය. 

ජගත් ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කරන තරඟවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ට ගෙවන සියයට විසිපහක මුදල් ගෙවීම නතර කිරීම, ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟ කාලසීමාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ගෙවීම් නතර කිරීම හා ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට ක්‍රිකට් ආයතනයේ මුදලින් වසරකට වරක් ලබාදෙන ව්‍යාපාරික පන්තියේ ගුවන් ප්‍රවේශපත සමග විදේශ සංචාර නවතා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇත. 

වසර 2003 සිට ක්‍රිකට් ක්‍රීඩකයන්ට මේ වරප්‍රසාදය හිමිව ඇති අතර එම මුදල් ක්‍රිකට් යටිතල පහසුකම් සංවර්ධනයට යෙදවීම ප්‍රයෝජනවත් බව ක්‍රිකට් ආයතනය පවසයි.

මේ වරප්‍රසාද අහිමි වුවද නව ගිවිසුම අනුව ක්‍රිකට් ක්‍රීඩකයකුට මසකට රුපියල් ලක්ෂ 40ක පමණ දීමනා ක්‍රිකට් ආයතනයෙන් හිමි වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all