මෙරට ඉදිවන දිගම පාලම මැයි මස අවසන් වනවිට තනා නිම කිරීමට සැලසුම් යොදා ඇතැයි
මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.
ගුවන් පාලමක් ලෙස ඉදිවන මේ පාලම කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කඩුවෙල සහ කොට්ටාව අතර 1
වන අදියර යටතේ මහවෙල ප්‍රදේශයේ ඉදිවනු ඇත.
දිගින් කිලෝමීටර් 3.3 ක් වන මෙහි කුලුනු 92 කි.
මං තීරු හතරකින් සමන්විත මේ පාලම චයිනාහාබර් සමාගම විසින් ඉදිකරනු ලැබේ. මෙරට
ජනතාවට දීර්ඝතම දුරක් ගුවන් පාලමක් මතින් මෙසේ ගමන් කිරීමට මේ වසර මැද භාගය වන විට
හැකිවන අතර සමස්ත වැඩ කොටසෙන් 78.4% ක් නිමවී ඇති බව ද අමාත්‍යාංශය පවසයි.
0 comments:
Post a Comment