Photobucket

Sunday, March 10, 2013

දැයට කිරුළෙන් අම්පාරට නව එළියක්

පසුගිය වසර 30 ට වඩා වැඩි සංවර්ධනයක් දැයට කිරුළ නිසා 2012 – 2013 වසරවලදි අම්පාර දිස්ත්‍රික්කයට සිදුවූ බව අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පී. දයාරත්න මහතා පැවසීය.

මෙවර දැයට කිරුළ මඟින් දැයට කිරුළ ප්‍රදර්ශන භූමිය ඇතුළත රුපියල් දස ලක්ෂ 100 ක් වැය කර අංග සම්පූර්ණ නවීන ක්‍රීඩා පිටියක් හා රාත්‍රියේ වුවත් වොලිබෝල් සෙල්ලම් කිරීමට අංග සම්පූර්ණ ක්‍රීඩා පිටියක් ඉඳිකරනු ලැබේ. රුපියල් මිලියන 21700 ක වියදමින් නැඟෙනහිර පළාතට ජලය ලබාදීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබන බවත් පී. දයාරත්න මහතා පවසයි. මින් පවුල් ලක්ෂ 4 කට නව ජල සම්බන්ධතා ලැබෙන බව ජල සම්පාදක මණ්ඩලය පවසයි.

අම්පාර දිස්ත්‍රික්කය ඇතුළත මහින්දෝදය වැඩසටහන යටතේ පාසල් 32 ක පරිගණක විද්‍යාගාර ඉඳිකිරීමට හා දකුණේ ජනපි‍්‍රය පාසල් හා අම්පාර දිස්ත්‍රික්කයේ අඩු පහසුකම් සහිත පාසල් සම්බන්ධකර පාසල් 100 ක් සංවර්ධනය කිරීමට කටයුතු යොදා ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all