Photobucket

Sunday, March 10, 2013

මෛත්‍රිගේ දේශපාලන දිවියට වසර 47 යි

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දේශපාලන ජීවිතයට වසර 47 ක් සපිරීම හා එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් වසර 24 ක් සපුරා 25 වැනි වසරට එළඹීම නිමිත්තෙන් ‘පුලතිසිපුර සුජාත දරුවෝ’ නමින් ප්‍රණාම උළෙලක් (10) පුලතිසිපුර බුද්ධි මණ්ඩපයේදී පැවැත්වේ.

මෛත්‍රිපාල සිරිසේන මහතා 1967 අගෝස්තු මස 01 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේ එවකට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නිවසේදී ය.

එදා මෙදා තුර සිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දර්ශනය ඔස්සේ දේශපාලන ගමන් මග ඇරඹූ මෛත්‍රිපාල සිරිසේන මහතා 1989 පෙබරවාරි 15 වැනිදා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත් විය. අඛණ්ඩව වසර 12 ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් ඒ මහතා කටයුතු කර ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all