Photobucket

Saturday, March 9, 2013

කළුතර රෝහලේ හොරකම

කළුතර, නාගොඩ රෝහලේ නිතරම සොරකම් සිදුවන බව වාර්තා වන හෙයින් රෝහලේ ආරක්‍ෂාව තර කරන ලෙස රෝහල් පරිපාලන නිලධාරී ඒ. යූ. එන්. ද සිල්වා මහතා රෝහලේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරිවරයා වෙත ලිඛිතව නිවේදනයක් නිකුත් කර ඇත.

රෝහල් භූමියේ තිබූ රසායනික ද්‍රව්‍ය අඩංගු බූලි 14ක් ත්‍රිරෝද රථයකින් පිටකර රැගෙන යෑමට තැත් කළ රෝහල් සේවකයකු පොලිස් අත්අඩංගුවට ගැනීමත් සමඟ නාගොඩ රෝහලේ පරිපාලන නිලධාරිවරයා මෙසේ රෝහලේ ආරක්‍ෂාව තර කිරීමට ලිඛිතව දන්වා තිබේ.

කළුතර රෝහලට රෝගීන් බැලීමට එන මහජනතාවගේ යතුරුපැදිවලට අයත් හිස්වැසුම් ඇතුළු භාණ්ඩ රථගාලේ තිබියදී ඇතැම් අවස්ථාවලදී සොරාගෙන ගොස් ඇති බවට පැමිණිලි ලැබී ඇතැයි පොලිසිය පවසයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all