කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානයන්හි ප්රවේශ පත්ර නිකුත් කරන කවුළු ඉදිරිපිට
පස්වරු කාලයේදී දිගු පෝලිම් ඇතිවන බව දුම්රිය මඟීහු පවසති. දිනපතාම මේ තත්ත්වය
සිදුවෙන අතර සිකුරාදා දිනවල සහ දීර්ඝ සතිඅන්ත නිවාඩු යෙදෙන දිනයන්හි මේ තත්ත්වය
උග්ර වන අතර මහා මාර්ගය දක්වාම ප්රවේශපත්ර පෝලිම් දිගු වී ඇති බව පෙනෙන්නට තිබේ.
මේ නිසා පස්වරුවේ දුර බැහැර ප්රදේශ කරා ගමන් ගන්නා මඟීන්ට තමන් බලාපොරොත්තු වන
දුම්රිය මඟ හැරෙන අතර විශේෂයෙන් ම කාන්තාවන් මේ නිසා දැඩි අපහසුතාවන්ට පත්වන බවත්
දකින්නට ඇත.
මේ සම්බන්ධව දුම්රිය ගමනාගමන අධිකාරිවරයාගෙන් විමසූ විට පවසා සිටියේ දුම්රිය
ස්ථානාධිපතිවරුන්ගේ හිඟයක් නොමැති නමුත් සිකුරාදා හා සති අන්තයේ දීර්ඝ නිවාඩු යෙදීම
නිසා මෙවන් තත්ත්වයක් උදාවන්නට ඇති බවයි. එහෙත් මරදාන දුම්රිය ස්ථානයේ නිලධාරීන්
මඟීන්ට පවසන්නේ නිලධාරි හිඟය නිසා මෙවන් තත්ත්වයක් උදාවන බවයි.
0 comments:
Post a Comment