අන්තර්ජාතික කාන්තා දිනය සැමරීමේ ජාතික උත්සවය ලබන සිකුරාදා (8) ජනාධිපති ආර්යා
ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී පැවැත්වේ.
මෙදිනට යෙදෙන කාන්තා දිනයේ තේමාව ‘පවුල රකින ඇය සුරකිමු’ යන්නයි. පවුලේ ආර්ථිකය
ශක්තිමත් කිරීම හා දරුවන් ගේ ආරක්ෂාව වෙනුවෙන් කාන්තාව සිදුකරන අනූපමේය කාර්යභාරය
සලකා ඇයට ගෞරවනීය කෘතවේදීත්වය දැක්වීමට මෙවර අන්තර්ජාතික කාන්තා දිනය සැමරීම
වෙනුවෙන් එම තේමාව තෝරාගත් බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්ස කරල්ලියද්ද
මහතා පවසයි.
විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කාන්තාවන් උදෙසා විශිෂ්ට සේවයක් කළ, සමාජයේ යහ පැවැත්ම සඳහා
සුවිශේෂී දායකත්වයක් දැක්වූ කාන්තාවන් 15 දෙනකුට මෙදින විශේෂ සම්මාන තිළිණ ප්‍රදානය
කිරීමට ද නියමිතය.
‘අද දවසේ කාන්තාව මුහුණ දෙන අභියෝග‘ යන මැයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන්
සභාවේ සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වයි.
0 comments:
Post a Comment