Photobucket

Saturday, March 9, 2013

මල්ලීට පිහියෙන් කෙටූ අයියා සිපිරිගෙට

සහෝදරයාට (මල්ලීට) පිහියකින් පහර දී තුවාල සිදුකර මරා දැමීමට උත්සාහ කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විත්තිකරුවකු එකී චෝදනාවට වරදකරු බව නිගමනය කළ උතුරු පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා විත්තිකරුට වසර 05ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

සිර දඬුවමට අමතරව රුපියල් 25000ක දඩ මුදලකුත් පැමිණිල්ලට රුපියල් 50,000ක වන්දි මුදලකුත් ගෙවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ අතර දඩ සහ වන්දි මුදල් නොගෙවන්නේ නම් තවත් මාස 09ක ලිහිල් වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළේය.

විත්තිකරු විසින් 2008 වර්ෂයේ පෙබරවාරි මස 06 වැනි දින හෝ ඊට ආසන්න දිනයක දී තන්තිරිමලය කටුපිටියේ දී සිය සහෝදරයා වූ ජංගුවාගේ ධර්මසේන නමැත්තාට පිහියකින් පහර දී බරපතළ තුවාල සිදුකර මරා දැමීමට උත්සාහ කළ බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 300 වැනි වගන්තිය යටතේ විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබිණි.

විත්තිකරුට එරෙහිව පැමිණිල්ල නඟා තිබූ චෝදනාවන් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සමත් වූ හෙයින් විත්තිකරුට මේ සිර දඬුවම නියම කරන බව මහාධිකරණ විනිසුරුවරයා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අධිකරණයේ කියා සිටියේය. මෙසේ දඬුවම් සහ දඩ නියම වූයේ තන්තිරිමලය කටුගම්පිටිය පදිංචි ජංගුවාගේ පියසේන නමැත්තාටයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all