Photobucket

Saturday, March 9, 2013

ඕස්ට්‍රේලියාවට පනින්න හැදූ 12ක් අත්අඩංගුවට

ආගමනික හා විගමනික පනත උල්ලංඝනය කරමින් අනවසරයෙන් ඕස්ට්‍රේලියාව බලා යාමට උත්සාහ කළ පුද්ගලයන් 12 දෙනකු දොඩම්පහළ ධීවර වරායේ දී අත්අඩංගුවට ගෙන ඇත. 

මේ පිරිස අතර මඩකළපුව පොලිසියේ සේවය කරන කාන්තා පොලිස් කොස්තාපල්වරියක ද අත්අඩංගුවට ගෙන තිබීම සුවිශේෂ සිද්ධියකි. මේ පිරිස ත්‍රිකුණාමලය, දික්වැල්ල, මඩකළපුව, චෙන්කල්අඩි ප්‍රදේශවල පදිංචිකරුවන් වෙති. 

මොවුන් අතර වයස අවුරුදු 10ක දරුවකුද සිටින බව හෙළි වේ. සැකකරුවන් 10,18,50,40,47,24,34 වයස්වල පසු වෙන්නන් වෙති. දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන වික්‍රමරත්න, මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දේශබන්ධු තෙන්නකෝන් මහත්වරුන්ට ලැබී තිබූ තොරතුරක් මත මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමාල් ප්‍රසන්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් පසුගිය දින (07) රාත්‍රී කාලයේ මේ වැටලීම සිදු කර මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. 

මොවුන් සන්තකයේ තිබී බෝට්ටු එන්ජින්, ඉන්ධන, වියළි ආහාර, බෙහෙත්, ඇඳුම් අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් (08) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all