Photobucket

Saturday, March 9, 2013

ආසියානු ග්‍රොන්ප්‍රී තෙවැනි අදියර කොළඹට මාරු කරයි

ලබන මැයි 16 දා ඉන්දියාවේ චෙන්නායි පැවැත්වීමට නියමිත 2013 ආසියානු ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා ශූරතාවේ අවසන් අදියර කොළඹට මාරු කොට ඇති බව ආසියානු මලල ක්‍රීඩා සම්මේලනයේ නිල වෙබ් අඩවිය පවසයි.

අදියර තුනකින් සමන්විත ආසියානු ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා ශූරතාවේ පළමු අදියර ලබන මැයි 8 දා තායිලන්තයේ බැංකොක්‌ නුවර ද, දෙවැනි අදියර මැයි 12 දා කොළඹ දී ද, අවසන් අදියර මැයි 16 දා ඉන්දියාවේ චෙන්නායි නුවරදී ද පැවැත්වීමට කලින් සැලසුම් කොට තිබිණි.

තමිල්නාඩු ප්‍රාන්තයේ දැන් පවතින අයහපත් දේශපාලන වතාවරණය මත ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා ශූරතාව චෙන්නායි අදියර මෙසේ කොළඹට මාරු කොට ඇත. ඒ අනුව ග්‍රොන්ප්‍රී මලල ක්‍රීඩා ශූරතාවේ දෙවැනි හා තෙවැනි අදියර ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all