Photobucket

Saturday, March 9, 2013

ටිකට්‌ නැති 44 දෙනෙක්‌ දැලේ

ගාල්ල සිට කොළඹ කොටුව දක්‌වා පැමිණෙන සමුද්‍රදේවි දුම්රිය පරීක්‍ෂා කළ දුම්රිය ආරක්‍ෂක අංශ නිලධාරීන්ට නීති විරෝධි ලෙස දුම්රියේ ගමන් කළ මගීන් 44 දෙනෙකු කොටුකර ගැනීමට  (7 දා) හැකිවී ඇත.

මෙම මගින් 44 දෙනා කොටුව දුම්රිය ස්‌ථානයට රැගෙන ආ අවස්‌ථාවේ ඇති වූ බහින් බස්‌ වීම් දුරදිග ගොස්‌ දුම්රිය ආරක්‍ෂක අංශ නිලධාරීන් දෙදෙනකුට එම මගීන් පහරදීම නිසා ඔවුන් තුවාල ලබා ඇත. මේ සම්බන්ධව දුම්රිය මගීන් කීප දෙනකුගෙන් කරුණු විමසූ විට පවසා සිටියේ (7 දා) උදෑසන සමුද්‍රදේවි දුම්රියට කඩාපැන්න දුම්රිය ආරක්‍ෂක නිලධාරීන් නොගැලපෙන වචන කතා කරමින් කාන්තාවන්ට හිරිහැර වන පරිදි කටයුතු කළ බවයි.

කොටුව දුම්රිය ආරක්‍ෂක අධිකාරි කාර්යාලයේ නිලධාරියකුගෙන් මේ සම්බන්ධව විමසීමක්‌ කළ අවස්‌aථාවේ ඔහු මෙසේ කීවේය.

"දකුණු මුහුදු මාර්ගයේ සමුද්‍රදේවි කාර්යාල දුම්රිය පරීක්‍ෂා කිරීමේදී ප්‍රවේශ පත්‍ර නොමැති මගීන් දෙදෙනකු හා තෙවන පන්තියේ ප්‍රවේශ පත්‍ර ගෙන දෙවැනි පන්තියේ මැදිරිවල ගමන් කළ මගීන් හතළිස්‌ දෙදෙනකු අත්අඩංගුවට ගත්තා. ඔවුන් කොටුව දුම්රිය ස්‌ථානයට රැගෙනවිත් දහනව දෙනකුගෙන් රු. 26020 දඩ මුදලක්‌ අයකර ගත්තා. ඉතිරි අය දඩ මුදල් ගෙවන තෙක්‌ භාණ්‌ඩ ඇප මත මුදාහැරියා. එම අවස්‌ථාවේ එම ස්‌ථානයේ කලහකාරි ලෙස හැසිරුණු මගීන් පස්‌දෙනකු දුම්රිය ආරක්‍ෂක නිලධාරි දෙදෙනකුට පහර දුන්නා. දුම්රිය ස්‌ථානයේ දේපළවලටත් පහර දුන්නා. එම පස්‌දෙනා අත්අඩංගුවට ගෙන කොටුව පොලිස්‌ ස්‌ථානයට භාර දුන්නා.

එමෙන්ම මගීන් කරන චෝදනා සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප කරන බව ද ඔහු පැවසීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all