Photobucket

Sunday, March 10, 2013

සුකී යළි වැඩට

දිගු කාලයක් නිහඬව සිටි මියන්මාරයේ විපක්ෂ නායිකා අවුන් සාන් සුකී සිය පක්ෂයේ මුල්ම පක්ෂ සම්මෙලනය ඊයේ පැවැත් වීමට කටයුතු කර තිබේ. 

දිගු කලක් දේශපාලන ක්ෂේත්‍රයෙන් ඉවතට තල්ලු කර සිටි මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිමෘතිය ලෙස සලකන අවුන් සාන් සුකි අනාගත අභියෝගවලට මුහුණ දිමට සූදානම් වෙයි.

ප්‍රජාතන්ත්‍රවාදි ජාතික ලීගයේ ප්‍රතිශෝධනයක් සිදුකෙරනු ඇති මෙම සම්මන්ත්‍රණය දින තුනක් පුරා පැවැත්වේ. 

ඊට 850කට අධික නියෝජිත පිරිසක් සහභාගි වීමට නියමිතව සිටියහ. අර්බුදකාරි අතීතයකින් අනතුරුව එම පක්ෂයේ පැවැත්වෙන ඉතාම උත්කර්ශවත් හමුවක් ලෙස මෙය සැලකේ.

වසර 2011 දක්වා සුකී ගේ පක්ෂය ජුන්ටා පාලකයන්ගේ යකඩ සපත්තුවට පෑගී ගියේය. වසර 2015 දී මියන්මාරයේ පැවැත් වීමට නියමිත මැතිවරණයෙන් අවුන් සාන් සුකී ගේ පක්ෂය ජයග්‍රහණය කරණු ඇතැයි අනාවැකි පළ වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all