Photobucket

Sunday, March 10, 2013

හොරෙන් ගියොත් 2500ක් දඩ

ප්‍රවේශ පත්‍ර රහිතව දුම්රියේ ගමන් කරන මඟීන්ගෙන් අය කරනු ලබන දඩ මුදල  (11) සිට රුපියල් 2500ක් දක්වා වැඩි කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම ඒ සමඟම අදාළ මඟියා ගමන් කළ දුම්රියේ ගමනාරම්භයේ සිට ගමනාන්තය දක්වා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක මුදලක් ගෙවිය යුතු වෙයි.

ඒ අනුව පොඩිමැණිකේ හෝ උඩරට මැණිකේ දුම්රියේ ප්‍රවේශ පත්‍ර රහිතව හෝ වෙනත් පන්තියක ප්‍රවේශ පත්‍ර ලබාගෙන 1 වන පන්තියේ ගමන් කර අසුවුවහොත් ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් (1250 ය 2) සහ දඩ මුදල රුපියල් 2500ක් සමඟින් රුපියල් 5000ක මුදලක් ගෙවීමට සිදුවනු ඇත. 

එය මෙතෙක් දුම්රිය ඉතිහාසයේ අය කිරීමට නියමිත උපරිම මඟී දඩ මුදලයි.

3 වන පන්තියේ ප්‍රවේශ පත්‍ර රැගෙන 2 වන පන්තියේ ගමන් කරන මඟීන්ගෙන් ද රුපියල් 2500ක දඩ මුදල් හා ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් අය කරනු ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all