Photobucket

Saturday, March 9, 2013

කටුකුරුන්දේ ළදරුවන්ට ත්‍රිපෝෂ නෑ

කළුතර, කටුකුරුන්ද මාතෘ හා ළදරු සායනයේ දැනට බොහෝ කලක සිට ත්‍රිපෝෂ පිටි ලබාදීමක් සිදු නොවන බව ප්‍රදේශවාසී ගැබිනි මාතාවන් සහ ළදරුවන් සිටින මාතාවන් පවසති.

ළදරුවන්ට හා ගැබිනි මාතාවන්ට ත්‍රිපෝෂ පිටි නොලැබෙන නිසා ඔවුන් සෞඛ්‍ය අතින් පහත තත්ත්වයකට වැටීමට පුළුවන් බව ජනතාව සඳහන් කරති.

මෙම සායනයට ත්‍රිපෝෂ පිටි නිකුත් කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මඟින් එම බල ප්‍රදේශයේ බොහෝ ළදරු සායනවලට දැනට ටික කලකට ඉහත සිට ත්‍රිපෝෂ පිටි ලබා නොදෙන බවද ප්‍රදේශයේ ගැබිනි මාතාවෝ පවසති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all