Photobucket

Tuesday, March 5, 2013

ජාතික හැඳුනුම්පත වසර 10කට වරක් අලුත් කිරීමට යයි

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ හැඳුනුම්පත වසර දහයකට වරක් අලුත් කිරීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.

මේ සඳහා පනත සංශෝධනය කිරිමටද විද්‍යුත් ක්‍රියාවලියකට අනුව හැදුනුම්පත නිකුත් කිරිමටද ඉදිරියේදී පියවර ගනු ලැබේ.

පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ පනතෙහි කුමන කාල වකවානුවකට පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ හැදුනුම්පත අදාළ වනවාද යන්න සඳහන්ව නැති හෙයින් පනත සංශෝධනය කිරිමට අවධානය යොමු වී තිබේ.

මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනිම සඳහා අංශ කිහිපයක් සමඟ සාතච්ඡා කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙක් දිනමිණට ප්‍රකාශ කළේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all