Photobucket

Tuesday, March 5, 2013

කොන්දේසි විරහිතව ක්‍රිකට්‌ සිටුවරු යටත් වෙති

ඉදිරි වසරට අදාළ ගිවිසුම් අත්සන් කිරීම වර්ජනය කිරීම මත ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය සහ ජාතික සංචිතයේ ක්‍රීඩකයන් 23 දෙනා අතර ඇතිවී තිබූ උග්‍ර ක්‍රිකට්‌ අර්බුදයට ඊයේ රාත්‍රියේ දෙපාර්ශ්වය අතර පැවැති සාකච්ඡාව අවසානයේ සුබදායක විසඳුමක්‌ ලැබිණි.

තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා සමග පැවැති අදාල සාකච්ඡාව අවසානයේ කොන්දේසි විරහිතව කොන්ත්‍රාත්තුව සඳහා අත්සන් කිරීමට ක්‍රිකට්‌ ක්‍රීඩකයන් එක`ග වූ බව වාර්තාවිය.

අදාළ දෙපාර්ශ්වය අතර පෙර පැවැති ගිවිසුම ඉකුත් පෙබරවාරි මස 28 වැනිදායින් අවසන් වුණු අතර ඉදිරි වර්ෂය සඳහා වූ නැවත ගිවිසුම් අලුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ක්‍රීඩකයන් වෙත ලබා දුන් කාලය (මාර්තු 02 දා) අවසන් විය. එහෙත් කිසිදු ක්‍රීඩකයකු අදාළ ගිවිසුමට ඊයේ සවස්‌ වන තුරුත් අත්සන් කර නොතබීම දැඩි ආන්දොaලනයකට හේතුවිය.

එතෙක්‌ පැවැති ගිවිසුමේ යම් යම් වගන්ති සංශෝධනය කරමින් මෙම වසරේ ක්‍රීඩකයන් අතර වූ වාර්ෂික කොන්ත්‍රාත්තුව සකස්‌ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්‌ විධායක කමිටුව තීරණය කිරීමත් සමග මෙම අර්බුදය නිර්මාණය විය.

ජගත් ක්‍රිකට්‌ කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන තරගවලිsන් ලැබෙන මුදලින් සියයට 25 ක මුදල (ලෝක කුසලාන ක්‍රිකට්‌ තරගාවලිය, පන්දුවාර විස්‌සයි-20 ක්‍රිකට්‌ තරගාවලිය සහ ශූරයන්ගේ කුසලාන තරගාවලිය), ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි. පී. එල්.) තරගාවලියට සහභාගිවන කාල වකවානුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය විසින් ක්‍රීඩකයන් වෙත ගෙවනු ලබන ගෙවීම් මෙන්ම, ක්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ට විදෙස්‌ තරගාවලියකට සහභාගිවීම සඳහා සියලු වරප්‍රසාද සහිතව වසරකට වරක්‌ ලබාදෙන විදේශ සංචාරය අත්හිටුවීම සහ ක්‍රීඩකයන් කොන්ත්‍රාත්තු ගත කිරීමේදී පෙර පැවැති කාණ්‌ඩ හය, හතර දක්‌වා අඩු කිරීම යන නව සංශෝධන කොන්ත්‍රාත්තුවට ඇතුළත් වීම මත එයට අත්සන් කිරීම ක්‍රීඩකයන් ප්‍රතික්‍ෂේප කර තිබේ.

මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා වට කිහිපයක්‌ම පැවැති නමුත් නව කොන්ත්‍රාත්තුවේ සඳහන් කොන්දේසි වල කිසිදු සංශෝධනයක්‌ කළ නොහැකි බව කියමින් ක්‍රීඩා ඇමැතිs මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ බලධාරීන් දැඩි ස්‌ථාවරයක පසුවිය.

කෙසේ වෙතත් සවස්‌ යාමයේ පැවැත්වූ සකච්ජා ඵල රහිත විනිනම්  උදෑසන 10 වන විට නව නායකයකු සහ උප නායකයකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ නම් කිරීමට පියවර ගන්නා මෙන් ක්‍රීඩා අමාත්‍යවරයා තේරීම් කමිටුවට උපදෙස්‌ නිකුත් කර තිබිණි.

මේ අතර ඊයේ ඇරැඹි තුන් දින පුහුණු තරගයට සුපිරි පිතිකරු කුමාර් සංගක්‌කාර ක්‍රීඩා කිරීමට නියමිත වුවත් අදාළ කොන්ත්‍රාත්තුව සම්බන්ධ ගැටලුවට විරෝධය දැක්‌වීම සඳහා ඔහු එම තරගයට ක්‍රීඩා කිරීමෙන් වැළකී සිටී බවද සඳහන් වේ.

සංචාරක බංග්ලාදේශ කණ්‌ඩායම සමග ලබන 08 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්‌ට්‌ තරගයට පෙර පැවැත්වෙන පළමු හා එකම තුන්දින තරගය (03 දා) මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේදී ආරම්භ විණි. එහිදී අදාළ තරගයට සහභාගිවීම සඳහා කුමාර් සංගක්‌කාර ඊට පෙර දින එනම්  (02 දා) රාත්‍රියේදී මාතරට පැමිණි නමුත් මෙම කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් කිසිදු පිළියමක්‌ නොවීම මත ඔහු නැවතත් කොළඹ බලා පිටත්ව ගොස්‌ තිබෙන බවත් සඳහන් වේ.

මේ අතර ජාතික සංචිතය යෑයි පවසමින් ක්‍රීඩකයන් 23 දෙනකුගේ නම් ඇතුළත්ව තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනය ප්‍රකාශ කරමින් සිටින නමුත් එම ක්‍රීඩකයන් 23 දෙනා කවුරුන්ද යන්න මෙතෙක්‌ ප්‍රසිද්ධ නොකිරීමද විශේෂත්වයක්‌ වේ. මෙම කණ්‌ඩායම තෝරා ඇත්තේ මෑතකදී පත්වුණු සනත් ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු නව ක්‍රිකට්‌ තේරීම් කමිටුව වන අතර එයට හිටපු ක්‍රීඩකයන් කිහිප දෙනකු ඉවත් කරමින් නවක ක්‍රීඩකයන් ඇතුළත් කර තිබෙන බව සඳහන් කර සිටි නමුත් එම ක්‍රීඩකයන් කවුරුන්ද යන්න තවමත් උභතෝකෝටිකයකි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all