Photobucket

Saturday, February 23, 2013

ජපානය මරණ දඬුවම් තුනක් ක්‍රියාත්මක කරයි

මරණ දඬුවම නියමව තිබූ රැඳවියන් තිදෙනකු ඉකුත් බ්‍රහස්පතින්දා දින අලුයම් කාලයේදී එල්ලා මැරූ බව ජපාන නීති ඇමැතිවරයා කියා සිටියි. ජපානය සම්ප්‍රදායක් ලෙස එකවර චූදිතයන් කීපදෙනකු හට මරණ දඬුවම ලබා දුන්නද නව අගමැති ‘ෂින්සෝ අබේ’ යටතේදී මරණ දඬුවම ක්‍රියාත්මකවූ පළමු අවස්ථාව මෙය බව කියැවේ. ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයෙන් පසුව ජපානයේදී මරණ දඬුවම ලබා දුන් පළමු අවස්ථාව මෙය වන අතර, ජපානයේ පිහිටි ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන ශාඛාව විසින් එකී මරණ දැඩිව හෙළාදැක ඇති බව කියැවේ.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all