Photobucket

Monday, February 25, 2013

පිස්ටෝරියස්ට ඇප දෙයි

මෝස්තර නිරූපිකාවක් වන සිය පෙම්වතිය වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනා එල්ල වූ දකුණු අප්‍රිකාවේ දෙපා අහිමි මලල ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස් වාර්තාගත දකුණු අප්‍රිකානු රෑන්ඩ් මිලියනයක මුදලක් (රුපියල් කෝටි එකහමාරක්) මත නිදහස් කර ඇත. මෙය දකුණු අප්‍රිකානු නඩු විභාග ඉතිහාසයේ වැඩිම ඇප මුදල ලෙස සැළකේ.

දින 4ක් පුරා ප්‍රිටෝරියා නුවර පැවැති ඇප ලබාදීමේ නඩු විභාගයේදී ඔහුට සාපරාධී මිනිමැරුම් චෝදනා එල්ල කරමින් ඇප ලබාදීමට එරෙහිව පැමිණිල්ලේ නීතිඥයා දැඩි විරෝධතාවක් එල්ල කළේය. 

නිවසේ නාන කාමරයේ සිටි තම පෙම්වතියට අනාරාධිතව ‍ නිවසට පැමිණි සොරකු ලෙස වරදවා වටහා ගැනීමේ හේතුවෙන් වෙඩිතැබූ බව පිස්ටෝරියස් උසාවිය හමුවේ ප්‍රකාශ කර තිබිණි. ඇප ලබාදීමට පෙර පිස්ටෝරියස්ගේ ගුවන් ගමන්බලපත්‍රය සහ ඔහු සතු ගිනිඅවි උසාවිය හමුවට ඉදිරිපත් කෙරිණි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all