Photobucket

Monday, February 25, 2013

යතුරුපැදිය මෝටර් රියේ ගැටී තරුණයෝ තිදෙනා මරුට

වේයන්ගොඩ - මල්ලැහැව මාර්ගයේ කුඹල්ඔලුව තැපැල් කාර්යාලය අසලදී (23 දා) රාත්‍රියේ යතුරු පැදියක්‌ හා මෝටර් රථයක්‌ මුහුණට මුහුණලා ගැටීමෙන් යතුරු පැදියේ ගමන්ගත් තරුණයින් තිදෙනාම මියගොස්‌ ඇත.

මියගොස්‌ ඇත්තේ වේයන්ගොඩ, ගල්ගමුව පදිංචිව සිටි ගයාන් ප්‍රියංකර ගජනායක (21), සමිත ලක්‌මාල් (21), බුද්ධික උදාන වීරසූරිය (18) යන තරුණයන් තිදෙනායි, මියගිය බුද්ධික උදාන වීරසූරිය මීරිගම ඩී. එස්‌. සේනානායක විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යයකු වේ.

මෝටර් රථය එය පැදවූ රියෑදුරුද සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර වේයන්ගොඩ පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක නිවුන්හැල්ල මහතාගේ උපදෙස්‌ පරිදි උප පොලිස්‌ පරීක්‍ෂක සුසන්ත සහ පොලිස්‌ සැරයන් (26633) අමරසේකර යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all