මට
ඇසිඩ් ගහන්න ආපු දෙන්න මාතර ඉඳල පැමිණි බව කිව්වා. ඒ නිසා
ඔවුන්ට තේ ලැස්‌ති කරන්න යද්දී ඔවුන් මට ඇසිඩ් ගැහුවා යෑයි
උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර ද අල්විස්
මහතා (24 දා) විශේෂ ප්‍රකාශයක් කළේය.

ලෙඩෙක් ගෙනාව කියූ නිසා නින්දෙන් අවදි වී මා දොර ඇරියා. මම කිව්වා ලෙඩ්ඩු පිරිලා ඇඳවල් තමයි නැත්තේ කියලා. ඔයාලා මාතර ඉඳලා දුරගෙවලා මෙහේ පැමිණි නිසා තේ ටිකක් බීලා යන්න කියලා. තේ ලෑස්‌ති කරන්න ගෙදර අයට කියන්න හදන කොටම ඇසිඩ් ගඳක් ආවා. මම ඔවුන්ගෙන් ඇහුවා ඇසිඩ් ගඳක් එනවා නේද කියලා. ඒ මොහොතේම ඔවුන් මට ඇසිඩ් ගැහුවා. මට මොනව වුණාද කියලා දන්නේ නැහැ.
මට හරියට තරහකාරයෝ ඉන්නවා. පසුගිය දවස්‌වල මට විරුද්ධව පෝස්‌ටර් පවා ගැහුවා. ඒත් මම සැලුනේ නැහැ. ඇයි මේ වගේ මිනිස්‌සු තිරිසන් වැඩ කරන්නේ?මම ලෙඩුන් වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරනවා. ඔවුන්ට පිහිට වෙනවා. සමහරුන්ට ඊර්ෂ්‍යාව ඉවසා ගන්න බැහැ. මම පළාත් සභාවේ ලේකම් වරයාට මට තිබෙන අරියාදු ගැන කිව්වා. ඒ මහතා ඒ ගැන අවංකව දුක් වුණා.ජනප්‍රිය චරිතවලට මඩ ප්‍රහාර එල්ල වෙනවා ඔයා ගිහින් පොලිසියට පැමිණිලි කරන්න කිව්වා. ඒත් මම ඒ ගැන පියවර ගත්තේ නැහැ. මගේ අපුරුවට තිබුණ ඇස්‌දෙක දැන් අඳුරුයි. මට ආලෝකය ලබාදෙන්න වෛද්‍යවරුන් හුඟාක් මහන්සි ගන්නවා. මමත් ලෙඩ්ඩු හොඳ කරලා තිබෙන හින්දා මට ආලෝකය ලැබේවි යෑයි මම විශ්වාස කරනවා, යි කුමාරද අල්විස් මහතා විශාල බලාපොරොත්තුවකින් පැවැසීය.
ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාද කුමාර ද අල්විස් මහතාගෙන් සුවදුක් විමසා ඇති අතර සිද්ධිය සම්බන්ධ කඩිනමින් පරීක්‌ෂණ පවත්වා සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට දැනුම් දී ඇත.
0 comments:
Post a Comment