Photobucket

Monday, February 25, 2013

බස්‌ ගාස්‌තු සාකච්ඡා හෙට

ඉන්ධන මිල ඉහළ යැම නිසා බස්‌ ගාස්‌තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්‌ පෞද්ගලික මගී ප්‍රවාහන සේවා ඇමැති සී. බී. රත්නායක මහතා සහ ප්‍රධාන පෙළේ බස්‌ සංගම් නියෝජිතයන් අතර  (26 වැනිදා) එම අමාත්‍යාංශයේදී පැවැත්වේ.

මෙහිදී ගාස්‌තු වැඩිකරනවා වෙනුවට රජයෙන් ඉන්ධන සහනාධාරයක්‌ ඉල්ලා සිටීමට අදහස්‌ කර ඇතැයි ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න සහ සමස්‌ත ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ත යන මහත්වරු "දිවයින" ට පැවසූහ.

මේ අතර ලංගම බස්‌ ගාස්‌තු හෝ දුම්රිය ගාස්‌තු ඉහළ දැමීම ගැන තවම තීරණයක්‌ ගෙන නැතැයි ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා "දිවයින" ට පැවසීය. ඉන්ධන මිල ඉහළ යැම මත ත්‍රිරෝද රථ ගාස්‌තු (24 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට වැඩි කිරීමට සමස්‌ත ලංකා ත්‍රිරෝද රථ හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.

එම වැඩි කිරීම දෙවැනි කිලෝමීටරයේ සිට වැඩි කරන බව එම සංගමයේ සභාපති පී. සුධීර ජයරුක්‌ මහතා "දිවයින" ට පැවසීය. ඒ අනුව දෙවැනි කිලෝමීටරය රුපියල් 40 දක්‌වා වැඩි වනු ඇත.

ප්‍රථම කිලෝමීටරය සඳහා අය කළ රුපියල් 50 ක ගාස්‌තුව එලෙසම පවතින බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all