Photobucket

Saturday, February 23, 2013

මෝටර් රථ – යතුරු පැදි අනතුරකින් ඇල්පිටියේ එක්දරු පියෙක් මිය යයි

මෝටර් රථ – යතුරු පැදි අනතුරකින් බරපතළ ලෙස තුවාල ලබා අතුරුගිරිය පොලිස් බල ප්‍රදේශයේදී මහ මග වැටී සිටි පුද්ගලයකු හෝමාගම මූලික රෝහලේදී මියගොස් ඇත.

 මියගොස් ඇත්තේ ඇල්පිටිය, අමුගොඩ, ගොඩඋඩවත්ත, සිල්වා මාවත ලිපිනයේ පදිංචිව සිටි කාරියවසම් දුලංජි ක්‍රිස්ලාන් ජයවීර (34) නමැති එක්දරු පියෙකි.

මේ පිළිබඳ මරණ පරීක්‍ෂණය පැවැත්වූ හෝමාගම අධිකරණ කලාප හදිසි මරණ පරීක්‍ෂක බී. එච්. කේ. චින්තක උදය කුමාර මහතා වෛද්‍ය අසිත අල්ගම මහතාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව හා ඉදිරිපත් වූ සාක්‍ෂි අනුව මෙය මාර්ග යතුරු පැදි අනතුරකින් හිස් කබලට හා මොලයට සිදුවූ බරපතළ හානිය හා අභ්‍යන්තර වහනය මත සිදුවූ මරණයක් බවට නිගමනය කළේය.

දුටු සාක්‍ෂි වෙතොත් ඒවා සහ අනතුරට අදාළ රථයේ රියැදුරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටද පොලිසියට නියෝග කළේය. අතුරුගිරිය පොලිසියේ සැරයන් 43227 ජයවර්ධන මහතා සාක්‍ෂි මෙහෙයවීය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all