Photobucket

Saturday, February 23, 2013

දුම්වැටියට පිළිකා රූප අනිවාර්යයි

සෑම සිගරට් පැකට්ටුවක මතුපිට ඉඩ ප්‍රමාණයෙන් සියයට අසූවක ප්‍රමාණයක මුඛ පිළිකා රූප සටහන් හා අවවාද ඇතුළත් කිරීමට සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ අභියාචනාධිකරණ උසාවියේදී ඉකුත් සිකුරාදා නිමාවට පත්වූයේ ඇමැතිවරයාගේ ක්‍රියා මාර්ගයට එරෙහිව ලංකා දුම්කොළ සමාගම ඉදිරිපත් කළ පෙත්සම නිෂ්ප්‍රභා කරමිනි.

ජනතාවගේ සෞඛ්‍ය රැක ගැනීමේ ක්‍රියාවලියක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කර තිබුණේ සිගරට් පැකට් මතුපිට රූපමය සටහන් ඇතුළත් කරන ලෙසය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ එම ඉල්ලීම බොහෝ රටවල ක්‍රියාත්මක කර තිබෙන අතර ඒ අනුව යමින් ශ්‍රී ලංකාවේ ද මෙය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය ඇමැතිවරයා පියවර ගත්තේය.

මේ අනුව සෞඛ්‍ය ඇමැතිවරයා නොවැම්බර් මාසයේදී මේ තීරණය පිළිබඳ විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කෙළේය.

ලබන මාර්තු 1 වැනිදා සිට සිගරට් පැකට්වල සියයට අසූවක ප්‍රමාණයක මුඛ පිළිකා පිළිබඳ රූපමය සටහන් අවවාද පළ කිරීම බලාත්මක කිරීමට මේ ගැසට් නිවේදනය අනුව කටයුතු යොදා තිබූ අතර දුම්කොළ සමාගමේ පෙත්සම ප්‍රතික්ෂේප වීමත් සමඟ එය ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැංවෙනු ඇත.

මේ පෙත්සම සලකා බැලුණේ අභියාචනා අධිකරණයේ සභාපති විනිසුරු එස්. ශ්‍රී ස්කන්ධරාජා මහතා ඉදිරියේ ය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all