Photobucket

Saturday, February 23, 2013

ඇසිඩ් ගැසූ අය අල්ලන්න පොලිස් දැලක්

උතුරු මැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය පවසයි. ඒ මහතාට කිසිදු අවස්ථාවකදී කිසිවකුගෙන් තර්ජන එල්ල වී නොමැති බව පරීක්ෂණවලදී හෙළිවී ඇතැයි පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ අරඹා ඇතැයි ද කීය.

මාතර ධර්මපාල මාවතේ ඒ මහතාගේ නිවෙසට ඉකුත් සිකුරාදා අලුයම 5ට පමණ නාඳුනන පුද්ගලයින් දෙදෙනකු ඇසිඩ් ප්‍රහාරය එල්ල කොට පලාගොස් ඇති අතර පිලිස්සුම් තුවාල ලැබූ ඒ මහතා මාතර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට මාරු කොට තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all