Photobucket

Saturday, February 23, 2013

සුපතළ මත්ද්‍රව්‍ය කල්ලියක නායකයා ඝාතනය වෙයි

ග්වාතමාලා ව සහ මෙක්සිකෝව අතර දේශසීමාවේ ඇතිවු ගැටුමකින් ලොව සුපතළ මත්ද්‍රව්‍ය කල්ලියක නාකයයා වූ ජොආක්වින් ගෙස්මන් මිගොස් ඇතැයි රාවයක් පැතිරේ. මෙහි සත්‍ය අසත්‍යතාව සොයාබැලීමට ග්වාතමාලා බලධාරින් විසින් විමර්ශණයක් අරඹා ඇතැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍ය මොරිසිකෝ ලෝපේස් පවසයි.

සිද්ධිය තහවුරු කරගැනිමට මෙක්සිකන් බලධාරීන් සමගද තොතුරු හුවමාරු කරගනිමින් සිටින බව ද ඔහු පවසයි.මෙය තහවුරු කළ හැකි තොරතුරක් තමන් වෙත ලැබි නැතැයි මෙක්සිකන් ජනාධිපති එන්රික් පිනා නිටෝ පවසයි. 

මියගිය තැනැත්තා ගෙස්මන් ද යන්න තවුරුකරගැනිමට නිසි බලධාරීන් ග්වාතමාලාවට යවා ඇතැයි ද ඔහු වැඩිදුරටත් පවසයි. වසර 2001 දී මෙක්සිකෝවේ අධි ආරක්ෂිත සිරගෙයකින් පැන ගිය මොහු මෙතෙක් සැඟව සිට ඇත. ග්වාතමාලාවේදී මොහු අත්අඩංගුවට ගෙන තිබුනේ 1993 දියි.

වසන්ව සිටි සිනලෝවා කල්ලියේ නායකයා වු මොහු අත්අඩංගුවට ගැනිමට අත්‍යාවශ්‍ය පුද්ගලයකු වශයෙන් නම්කර තිබිණි. මොහු පිළිබඳ තොරතුරක් ලබාදෙන කෙනෙකුට ඩොලර් මිලියන 5 ක මුදලක් ලබා දීමට අමෙරිකාව ප්‍රතිඥා දි තිබේ. වසර 2006 සිට මත්ද්‍රව්‍ය ගැටුම් හේතුවෙන් මෙක්සිකෝවේ මියගිය පිරිස 70 000 කට අධික බව වාර්තා වේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all