Photobucket

Saturday, February 23, 2013

‘සමනල සංධ්වනිය’ මීළඟට තිරයේ

වෙදහාමිනේ’, ‘දඬුබස්නාමානය’, ‘අකාල සන්ධ්‍යා’ වැනි ටෙලිනාට්‍ය ද ‘අග්නිදාහය’, ‘ගරිල්ලා මාර්කටිං’ වැනි චිත්‍රපට ද නිර්මාණය කළ ප්‍රවීණ සිනමාකරු ජයන්ත චන්ද්‍රසිරි ගේ නවතම චිත්‍රපටය ‘සමනල සංධ්වනිය’ ය. ( Butterfly Symphony)

රූ සිනමා ක්‍රියේෂන් හවුස් වෙනුවෙන් රුවන් ජයසිංහ සමඟ පාලිත ගුණවර්ධන නිෂ්පාදනය කළ ‘සමනල සංධ්වනිය’ දැන් තිරගත වන ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයට පසු ඊ.ඒ.පී.මණ්ඩලයේ සිනමා ශාලා 35ක තිරගතවීමට නියමිතය.

මධුර ගීතාවලියක් ද රැගත් සංගීතමය චිත්‍රපටයක් වන ‘සමනල සංධ්වනිය’ හි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ උද්දික ප්‍රේමරත්න, යශෝදා විමලධර්ම, පුබුදු චතුරංග, දමිතා අබේරත්න, චතුරිකා පීරිස්, රොජර් සෙනවිරත්න, විල්සන් ගුණරත්න, බුද්ධදාස විතානආරච්චි, රෙබෙකා නිර්මලී, දිමුතු චින්තක, රොෂාන් පිලපිටිය, උදිත ගුණරත්න, චංචලා වර්ණසූරිය, සඳුන් බණ්ඩාර, ජයතිස්ස අතුලසිරි, ජයරත්න ගලගෙදර, ශිරානි දිසානායක, උපුල් මහානාම, රාජා ගනේෂන් ඇතුළු පිරිසක් සමඟ රිදී තිරයට හඳුන්වා දෙනු ලබන සූරියා දයාරුවන් සහ බුද්ධිනී පූර්නිමා ය.

රුවන් කොස්තා කැමරා අධ්‍යක්ෂණයෙන් ද දර්ශන රුවන් දිසානායක සංගීත අධ්‍යක්ෂණයෙන් ද ‘සමනල සංධ්වනිය’ට දායක වී ඇති අතර රවීන්ද්‍ර ගුරුගේ විසින් සංස්කරණය කරනු ලැබ ඇත. පසුබිම් ගායනය අමරසිරි පීරිස්, ඉන්දික රුවන් (රූනි) සහ ෂම්මිකා අමානි ය. ගීත රචනය අමිල තේනුවර සහ ජයන්ත චන්ද්‍රසිරි ය.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all