Photobucket

Wednesday, February 20, 2013

වෙරළේදී විදේශීය තරුණිය වැළඳ ගැනීමට හැදූ තරුණයා වන්දි ගෙවයි

ඉරණවිල මුහුදු වෙරළේ දිගාවී හිරුරැස්‌ සුව විඳිමින් සිටි විදේශික තරුණියක වැළඳගෙන කාමුක හිංසන ක්‍රියාවක්‌ කිරීමට තැත්කරන ලද විත්තිකරුවකු වරද පිළිගැනීම මත ඇයට රුපියල් 10,000 ක වන්දි මුදලක්‌ ගෙවීමට හලාවත දිසා විනිසුරු ජගත් ඒ. කහඳගමගේ මහතා 08 දින නියම කළේය.

මැදිරිගිරිය මිරිස්‌හේන පදිංචිකරුවකුට දඩුවම් නියමවිය . ඉරණවිල වෙසෙන ඥතියකුගේ නිවසකට පැමිණ සිටියදී සිද්ධිය වී තිබේ.

පැමිණිලිකාරිය ජර්මන් විශ්වවිද්‍යාලයේ සිසුවියකි (25). ඇය ඉරණවිල සංචාරක හෝටලයක නැවතී සිටියදී හිරුරැස්‌ සුව විඳීමට වෙරළට පැමිණ ඇත. තම මවු රටට ඉක්‌මනින් යා යුතු බව හලාවත පොලිසියට දැන්වීමෙන් පසුව පොලිසිය ඒ බව විනිසුරුතුමන්ට දැන්වීමෙන් විනිසුරු නිල මැදිරියේදී නඩුව විභාගයට ගැනුනි.

නීතිඥ දීපිකා නවරත්න මෙනවිය පැමිණිල්ල වෙනුවෙන්ද, නීතිඥ ශානක උදයංග මහතා විත්තිකරු වෙනුවෙන් ද පෙනී සිටියහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all