Photobucket

Wednesday, February 20, 2013

දැරියට අමුතු පාඩමක්‌ කියා දුන් ඉංගී්‍රසි ගුරුවරයා රිමාන්ඩ්

බාල වයස්‌කාර දැරියකට අතවර කළ එප්පාවල පෞද්ගලික පංතියක හතළිස්‌ හැවිරිදි ඉංගී්‍රසි ගුරුවරයකු දින 3 ක්‌ අනුරාධපුර රිමාන්ඩ් බන්ධනාගාරයේ තබන ලෙස තඹුත්තේගම වැඩ බලන මහෙස්‌ත්‍රාත් සමන්ත හේරත් මහතා නියෝග කළේය.

මෙලෙස රක්‌ෂිත භාරයට පත් කළේ එප්පාවල කටියාව හන්දිය ඉංගී්‍රසි පංතිය පවත්වා ගෙන ගිය මිහින්තලේ ගල්කුලම ඥානික්‌කුලම පදිංචි විරාඡ් චතුර සෙනෙවිරත්න (40) නමැත්තාටය.

එප්පාවල පදිංචි මෙම බාල වයස්‌කාර දැරියට මෙම පුද්ගලයා අවුරුදු තුනක කාලයක සිට මෙම කටයුත්ත සිදු කර ඇති බවට එප්පාවල පොලිසිය සිදු කළ පරික්‌ෂණවලින් අනාවරණය කර ගැනීමට හැකි වී තිබේ.

එප්පාවල පොලිසියේ පොලිස්‌ පරීක්‌ෂක තිලකරත්න මහතා මෙම පරීක්‌ෂණය සිදු කොට දැරිය අනුරාධපුර ශික්‌ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කොට තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all