Photobucket

Wednesday, February 20, 2013

හෙරොයින් ග්‍රෑම් 80ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට

ඇරැව්වල ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ යෙදී සිටි තැනැත්තියක් සිවිල් වැසියකුගෙන් ලැබුණු තොරතුරක් අනුව කොටුකර ගැනීමට මිරිහාන පොලිසියේ උ.පො.ප. චාරුක මහතා ඇතුළු පිරිසක් සමත්ව ඇත.

අත්අඩංගුවට ගන්නා විට ඇය සන්තකයේ රුපියල් ලක්ෂ 3ක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 80ක ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. බොරුපන කුඩු කුමාර් නැමැත්තා කුඩු නඩුවක් සම්බන්ධයෙන් ඉහළ උසාවියේ පවතින නඩුවකට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා ඇත.

සැමියා බැලීමට බන්ධනාගාරයට යන අවස්ථාවල ඔහුගෙන් ලැබුණු උපදෙස් අනුව කලක් තිස්සේ සැකකාරිය මෙම ජාවාරමේ යෙදී සිටි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

රැඳවුම් නියෝගයක් යටතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක හා මිරිහාන වැඩබලන පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ මහත්වරුන්ගේ උපදෙස් අනුව මිරිහාන පොලිස් ස්ථානාධිපති නිමල් කරුණාරත්න මහතාගේ මෙහෙයුම යටතේ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

තම සැමියා බන්ධනාගාර ගතවීමෙන් අසරණව ඇති දරු පවුල ජීවත් කිරීම සඳහා ඔහු බලන්නට බන්ධනාගාරයට ගියවිට සැමියාගෙන් ලැබෙන උපදෙස් අනුව තමා හෙරොයින් ජාවාරම කරගෙන යන බවට සැකකාරිය පාපොච්චාරණයක් කර ඇතැයි මිරිහාන පොලිසිය පවසයි. මිරිහාන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all