Photobucket

Tuesday, February 19, 2013

කම්සැප දෙන තිප්පොල කොටු

මරදාන පොලිස් වසමේ දෙමටගොඩ පාරේ නවාතැන් පොලක පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නිලධාරින් කණ්ඩායමක් විසින් 18 වෙනිදා රාත‍්‍රීයේ වටලා ගණිකාවන් 13 දෙනෙකු සහ සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත. නීතිමය පියවර ගැනීම සඳහා ඔවුන්ව මරදාන පොලිස්ස්ථානයට ඉදිරිපත් කර තිබේ. 

 සැකකාරියන් වයස අවුරුදු 19 ත් 35 ත් අතර වූ පන්නිපිටිය, නිකවැරටිය, ලූණුගල, පුස්සැල්ලාව, යටියන්තොට, මතුගම, වැලිමඩ, අඹන්පොල, බඩල්කුඹුර සහ හැටන් ප‍්‍රදේශවල පදිංචිකාරියන් වේ. සැකකාරියන් සහ සැකකරු අද 19 දින මාලිගාකන්ද මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all