Photobucket

Tuesday, February 19, 2013

ප්‍රා.සභා මන්ත්‍රිගේ ඇඟිල්ලක් හපා කා පැන ගිහිල්ලා

උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුගේ ඇඟිල්ලක් සපා කා තුවාල කළ බව කියන අයෙකු අත්අඩංගුවට ගැනීම සදහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය කියයි. තුවාල ලැබු බව කියන දුම්මලසුරිය - වීරකොඩියානේ පදිංචි නෙළුම්දෙණිය පතිරැන්නැහැලාගේ ගෝඨාභය බණ්ඩාර නෙළුම්දෙණි යන අය හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. 

තමන් ඉකුත් 18 වැනිදා සවස වීරකොඩියාන - සුරියඋයන ප්‍රදේශයේ ජල සමිතියකට සහභාගි වී ආපසු යමින් සිටින විට ත්‍රී රෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු තමන්ට පහර දී ඇඟිල්ල සපා කෑ බව තුවාල ලබා සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දුම්මලසුරිය පොලීසියට පැමිණිළි කරමින් පවසා ඇත. නමුත් මෙම සිද්ධිය සිදුවී ඇත්තේ මාදම්පේ පොලිස් වසමේ වන බැවින් දුම්මලසුරිය පොලීසිය විසින් අදාළ පරීක්ෂණ කටයුතු මාදම්පේ පොලීසියට භාර දී ඇත. සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. මාදම්පේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all