Photobucket

Tuesday, February 19, 2013

නීති විරෝධි සුරාසැල්වලට එරෙහි නාහිමිවරුන් වෙත සංදේශයක්

මහනුවර නගරයේ පවතින නීති විරෝධි සුරාසැල් වහා ඉවත් කරන ලෙස රජයට සහ සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නත් ඒ පිළිබඳ නිසි ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ජාතික සංඝ සම්මේලනයේ අනුශාසක , පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමි ප්‍රමුඛ මහ සංඝ රත්නය  (19) මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන්ට සංදේශයක් භාර දුන්හ. 

ශ්‍රී දළදා මාලිගාවේ අළුත් මාලිගා ගොඩනැගිල්ල ඉදිරිපිට සත්‍ය ක්‍රියාවක ද උන්වහන්සේලා නිරත වූහ.මේ ගැන ජනමාධ්‍යයට අදහස් පළ කළ අතුරලියේ රතන හිමියෝ පවසා සිටියේ අස්ගිරි සහ මල්වතු මහා නාහිමිවරුන් වැඩ සිටින ස්ථානවලට නුදුරින් පවා අනවසර මත්පැන්හල් පවත්වා ගෙන යන බවයි. මේ සම්බන්ධයෙන් රජයට සහ සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නද කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම නිසා අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන් සහ මහා සංඝ රත්නය දැනුවත් කරමින් ජනමතයක් ගොඩ නගන්නට තීරණය කළ බවයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all