Photobucket

Monday, February 25, 2013

සෘජු සාකච්ඡා සඳහා රුසියාවෙන් හා අරාබි ලීගයෙන් සිරියාවට යෝජනා

සිරියානු රජය හා විරුද්ධ පක්ෂයන් අතර සෘජු සාකච්ඡා ඇරඹීමට මැදිහත්වීමට තමන් බලා‍පොරොත්තුවෙන් සිටින බව රුසියාව හා අරාබි ලීගය කියා සිටියි. සිරියාවේ උද්ගතව ඇති සිවිල් යුද්ධය නිමාවට පත්කිරීමේ අරමුණින් ඇරඹීමට නියමිත මෙම සාකච්ඡා පිළිබඳව නිවේදනය කරමින් රුසියානු විදේශ අමාත්‍ය ‘සර්ගේ ලැව්රොව්’ කියා සිටින ලද්දේ ප්‍රචණ්ඩත්වය යනු කිසිදු අවසානයක් දැකිය නොහැකි මාර්ගයක් බවයි.

සිරියානු ගැටුම් සඳහා විසඳුම් ගෙන ඒමේ සැලසුමක් පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් විරුද්ධ පක්ෂය වන සිරියානු ජාතික සන්ධානය ඊයේ දිනයේදී ඊජිප්තුවට පැමිනුණු අතර, සාකච්ඡා දෙදිනක් පුරා පැවැත්වෙනු ඇතැයි බලා‍පොරොත්තු වේ.

2011 වසරේ මාර්තු මාසයේදී සිරියානු ජනපති ‘බෂාර් අල් අසාද්’ විරෝධී කැරලි ආරම්භවූ දින පටන් මේ වනවිට මියගිය සංඛ්‍යාව හැත්තෑදහස ඉක්මවන බව එක්සත් ජාතීන් කියා සිටියි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all