ෂාමිලා කුරුකුලසූරිය ශ්‍රී ලංකාවේ උපත ලැබ දැන් ඇමරිකාවේ
වොෂිංටන් නගරයේ සිය පවුලත් සමඟÊඉතා සතුටින් ජීවත් වන්නියකි. ඇය
ශ්‍රව්‍ය ආබාධයකින් පෙළුණ ද ඇගේ ශක්‌තිය කිසිසේත්ම අඩු වූයේ
නැත. ඇමරිකාවේ ශ්‍රව්‍ය ආබාධවලින් පෙළෙන දරුවන් සඳහා වූ
විශ්වවිද්‍යාලයකින් ඉහළම උපාධිය ලබා ගැනීමට සමත්a වූවාය. ඇය
දැනට ග්‍රැෆsක් ශිල්පිනියක් ලෙස ඇගේම සමාගමක් පිහිටුවාගෙන
සිටින්නීය.

ශ්‍රී ලංකාවේ සෑම ජාතියකටම අයත් මෙවැනි දරුවන් සඳහා ඇය භාෂා තුනකින් පොත් පහක් දැනට මුද්‍රණය කර ඇත. තවත් පොත් දෙකක් මුද්‍රණය වෙමින් පවතී.
ශ්‍රව්‍ය ආබාධවලින් පෙළෙන පෙර පාසල් වයසේ දරුවන් සඳහා මෙම පොත් සංඥා භාෂාවකින් ලියා ඇත.
ෂාමිලාගේ එකම අභිලාශය වී ඇත්තේ මෙම දුර්වලතාවයෙන් පෙළෙන දරුවන්ට විධිමත් අධ්‍යාපනය ආරම්භ කරන විට ඔවුන්ට ද අනෙකුත් දරුවන් සමඟ සම සේ සිටීමට හැකි තත්ත්වයක් උදාකර දීමය.
ඒ අතරම ෂාමිලා එවැනි දරුවන්ගේ දෙමාපියන්ට ද ඉතා වැදගත් පණිවුඩයක් ලබා දී ඇත. මෙම දරුවන්ට ඔවුන්ගේ ජීවිතය සකස් කර ගැනීමට අවශ්‍ය පරිසරය ඔවුන් සමඟ එකට එකතුවී ලබාදීමට කටයුතු කිරීමයි ඒ.
මෙම පොත් අලෙවියෙන් ලැබෙන ආදායම අරමුදලක් බවට පත් කර ශ්‍රව්‍ය ආබාධිත දරුවන්ට ඉගෙනීම ලබාදීම ඇගේ අදහසය. ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී වීඩියෝ පට සහ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම ද ඇගේ සැලසුම් අතර වේ.
0 comments:
Post a Comment